දේශීය පුවත්

වෛද්‍ය උපාධි සඳහා විදෙස්ගත වන සිසුන්ට දැනුම්දීමක්

අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයයන් 3ම අසමත් හා උසස් පෙළ විභාගයට පෙනී නොසිටි කිසිවෙකුට වෛද්‍යවරයෙකු ලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට තිබූ හැකියාව අහෝසි කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.එම ගැසට් පත්‍රය පසුගිය අප්‍රේල් 10 වනදා නිකුත් කර තිබුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, වසර 9ක් පුරා සිය සංගමය දැරූ උත්සහය මේ අනුව සාර්ථක වී ඇති බවය.එසේම අ.පො.ස උසස් පෙළ විභාගයට සහභාගී වී අවම සුදුසුකම් සම්පූර්ණ කිරීමකින් තොරව විදේශ වෛද්‍ය උපාධි සඳහා යොමු වන සිසුන්ට මෙයින් පසුව වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

the gazette

Leave a Reply

Your email address will not be published.

Back to top button