දේශීය පුවත්

ලබන සඳුදා සිට අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් එන්නත් ලබාගත හැකි තවත් ස්ථානයක් ගැන දැනුම්දීමක්

එලඹෙන සඳුදා දිනයේ සිට අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට පියවර ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා.

ඒ අනුව සෑම ප්‍රධාන රෝහලකම එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන බවයි වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ.

මේ අතර එන්නත් ලබා ගැනීම සඳහා පැමිණෙන අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ අඩුවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

මේ හේතුවෙන් නැවත නැවතත් අවධාරණය කරන්නේ තමන්ගේ වැඩිහිටියන්ව ළඟම තියෙන එන්නත් මධ්‍යස්ථානයට රැගෙන ගිහින් ඒ එන්නත ලබාදෙන ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලා සිටිනවා.

දැනට මෙරට භාවිතයට ගන්නා කොවිෂීල්ඩ්, සයිනොෆාම් සහ ස්පුට්නික් V යන එන්නත්වල එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් ගණන 2,543,022 ක් වන අතර ඉන් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 874,975 ක් වනවා.

Back to top button