දේශීය පුවත්

කවුරුත් මගේ දියණියව ජීවත් කරවන්න සත පහක් දීලත් නැහැ මට ඕනෙත් නැහැ වන්දි ඉල්ලන්න මම කැමතිත් නැහැ

දීප්තිට උයන්න බැහැ. ඒක හින්දා දීප්ති තෝරගත්තේ හොඳට උයන්න පුළුවන් මහත්තයෙක්ව. ඒ දෙන්න බොහොම සතුටින් විවාහ ජීවිතය ආරම්භ කරලා අලුතින්ම ජීවිතේ ගමනක් යන පටන් ගත්ත විතරයි.

බොහොමයක් හැලහැප්පීම් තිබුනා. මේ හැලහැප්පිලි වලට දෙන්නම එකට එකතු වෙලා උත්තර හොයන වෙලාවකදි කවුරුත් නොහිතපු විදිහට නිහාල්ට ජීවිතෙන් සමුගන්න වුණා. දීප්ති අයිත් තනි උනා. දීප්ති නිහාල්ගෙ සොහොන ගාවට ගිහිල්ලා වැලපිච්ච විදිහ දැක්කහම මුළු ලංකාවම දීප්තිත් එක්ක ඇඬුවා. පුංචි තිරය කඳුළු බින්දුව විදිහටයි එතැන් පටන් ඇයව හඳුන්වන්න පටන් ගත්තේ.. කවුද මේ.. ඔබේ ආදරේ දිනූ දීප්ති. නිල්මීණී තෙන්නකෝන්.

අපි අතීතයට යම් ඔබේ පුංචි කාලයට ඔබේ සම්පූර්ණ නම?

තෙන්නකොන් පතිරණගේ නිල්මිණි තෙන්නකෝන්.

ඔබේ ඉගන ගත්තෙ මොරටුවේ වේල්ස් කුමරි විදුහලේ.. අවුරුදු 13 දී ඔබේ ජීවිතයේ බොහොම අභාග්‍යසම්පන්න සිදුවීමකට ඔබට මුහුණපාන්න සිද්ධ වෙනවා. ඔබේ පියා මෙලොවින් සමු ගන්නවා?

ඒක ජීවිතේට අමතක වෙන්නෙ නැහැ. මොකද මගේ ඉස්කෝලේ වේල්ස් කුමරි විදුහල කුමර සහ තවත් පාසලක් එක්ක තමයි අපි ඉස්සර බිග්මැච් තිබ්බේ. ඒ බිග් මැච් එක බලන්න ගිය වෙලාවෙදි තමයි මම බල බල ඉන්නකොට තමයි මට ආරංචිය ලැබුණේ මගේ තාත්තා නැති වෙලා කියලා.. මාව කිසිම දවසක එළියට යවන්නේ නෑ මගේ තාත්තා. හැබැයි එදා මගේ අයියාගේ ඉල්ලීම පරිදි මාව බිග් මැච් බලන්න පලවෙනි වතාවට අරගෙන ගියේ. ගිහිල්ලා තාත්තම තමයි අපිට යන විදිහ කියලා ,ගිහිල්ලා ඉන්න ඕන විදිහ සියලු දේ කියල දුන්නෙ. මට sandwich හදලා දුන්නා. ඉතිං ඇත්තටම ඒක මට හරි හීනයක් වගේ. මොකද මම එදා ඇන්ද black and white. .තාත්තා මගෙන් අහපු දෙයක් තමයි ඔයා නිකං මල ගෙදරකට යන්න වගේ ඇඳලානේ කියලා කිව්වා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නෑ.. ඉතින් මැච් එක බැලුවා ගොඩක් විනෝද වුණා. girls ලා boys ලා වෙන වෙනම හිටියා. අයියා හිටියා මගේ යාළුවොත් එක්ක. කොහොමහරි announce කරනකොට තමයි මම දැනගත්තේ ප්‍රශ්නයක් කියලා. හැබැයි ඒ වෙනකොටත් මගේ අයියා මාව දාලා ඇවිල්ලා ගෙදර. එයාට මාව අමතක වෙලා.. ඉතින් ඒ ඛේදවාචකය කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවෙදි මගේ අම්මා ව්‍යාපාර කරපු නිසා අම්මා ගෙදර හිටියෙ නැහැ. කවුරුත් ගෙදර හිටියෙ නැහැ .හිටියේ අපිත් එක්කම ගෙදර හිටපු වැඩට හිටපු එක් කාන්තාව පමණයි.

ඉතාම කුඩා කාලයේ දී බොහොම දුක්ඛ සම්පන්න අත්දැකීමකින් තමයි ජීවිතය ඔබට ආරම්භ කරන්නට වෙන්නේ. ඔබේ මව බොහොම දිරිය කාන්තාවක්. ඇයත් සමග ඔබේ ජීවිත ඉස්සරහට යනවා. ඔබ කලාවට නැඹුරු වන්නේ වේල්ස් කුමරි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතරතුරේදීමයි. ඔබ චිත්‍රසේනයන්ගේ නැටුම් පන්ති වලට යනවා..මම හරිද?

ඔව් වජිර මිස්ගෙ.. එයා තමයි අපේ ඉස්කෝලේ dancing teacher..

ඊට පස්සේ මට දැනගන්න ලැබුණා අපේ ප්‍රවීණ නිවේදිකාවක් ඉන්නේ චිත්‍ර කුමාරි කළුබෝවිල කියලා.. ඇයගෙනුත් ඔබ නැටුම් ඉගෙන ගත්තා කියලා?

ඒ නිසා තමයි ඇත්තටම මම නිළියක් වෙන්න හේතුවක් වුණේ .චිත්‍ර කුමාරි කළුබෝවිල මහත්මිය නිසා. ඇයට මම හැමදාමත් මගේ හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා බුදුන් වදින කොටත් මම මතක් කරනවා ඇයව. මොකද ඇය තමයි මට නටන්න හරියට අඩියක් කියල දුන්නෙ. මං ගොඩාක් dancing classes හයකට විතර ගියා ඒ වෙනකොට. එතකොට ඇය තමයි පලවෙනි වතාවට රූපවාහිනි සංස්ථාවට ධම්ම ජාගොඩයන්ගේ මුහුදු පුත්තු කියන වේදිකා නාට්‍යයේ ඇසුරින් මුද්‍රා නාට්‍යයක් කරා. රූපවාහිනී එතකොට ආරම්භ කරලත් නැහැ. ඉතින් මම ඉස්කෝලේ ඇදුම පිටින්ම මම ගියේ. තාම මට එක් අමතක වෙන්නේ නැහැ. හරිම විනෝදයි. එදා තමයි මම ජීවිතේ පළවෙනි වතාවට ස්ටුඩියෝ එකක් දැක්කේ. film camera දැකලා තිබුණා. අපේ ගෙවල් ළඟ films shooting කරන නිසා.

ඔහොම ගිහිල්ලා ඔබ නොදැනිම රංගන වෘත්තියට පිවිසෙනවා.. අපි කවුරුත් නොදන්න දෙයක් තමයි ලංකාවේ ප්‍රථම ටෙලි වෘත්තාන්තය දිමුතුමුතු තමයි ඔබේ ආරම්භය. නිහාල් මහත්මයාට ඔබව දිමුතු මුතු ටෙලි නාට්‍යයට යොදා ගන්න හිතෙනවා.. කොහොමද එහෙම වුණේ?

ඒකනම් හරිම අහඹු සිදුවීමක්.. මම අර කිව්වේ මම ලංකාවෙ තියෙන නැටුම් පන්ති හොය හොය යනවා කියලා..ඒතකොට මම රැජින මිස් ලඟ dancing class එකට ගියා. චිත්‍රා කුමාරි මිස් ලඟ ,එතකොට එතැන මම චන්න අයියා ක්ලාස් කරනවා දැකලා තියනවා ඒකටත් යනවද නැද්ද කිය කිය හිත හිත ඉන්නකොට මම දැක්ක ළමයිට කෑගහනව මම බය වෙලා ගියේ නැහැ. එතකොට මම දැක්කා සේනක ද සිල්වා. බැලේ class එක. මට හිතුණා මම එකට සම්බන්ධ වෙන්න ඕන කියලා. සුදර්ශි එකේ තිබුනේ. එතනම තිබුන රංගනය පිළිබඳව හදාරන්න classes තිබුණා. දයා වයමන් සර්. මේ ඔක්කොමල හිටිය voice training කලා. මං මේ හැම එකටම ගියා. මගේ අම්මට මාව කරදරයක් වුනා. මොකද ඇය තමයි මාව හැම තැනම අරගෙන ගියේ. මම ඒ ක්ලාස් එකේ ඉන්නකොට සේනක ද සිල්වාගෙ ක්ලාස් එකේ ඉන්නකොට තමයි ටෙලිසීන් ආයතනේ ටිවි commercial එකකට කෙනෙක්ව හොයන්න ආවා. මගේ කොන්ඩේ දිග නිසා මාව ගත්තා. ඒ කාලෙදි තිබ්බා දිග කොන්ඩේ නිසා. ඉතින් මම එ commercial එකේ හිටියා. ඊට පස්සේ තමයි ඩී.බී නිහාල්සිංහයන් මට ආරාධනා කළේ ඔයා බලනවද දිමුතුමුතු කියලා ටෙලිනාට්‍යයක් යනවා.. මම කිව්ව ඔව් සර්. ඒකෙ අපි පාර්ට් 2 කරන්න යන්නේ… ඔයාට ආස නම් රඟපාන්න ආස නම් ඔයාට පොඩි හැකියාවක් තියෙනවා කියලා මට පෙනුනා. ඉතින් කැමතිනම් දේවිකා මිහිරාණි මහත්මියගේ යාලුවෙක්ට ඉන්න පුළුවන් කිව්වා. මම ටක් ගාල භාර ගත්තා. එතකොට බදාදා බ්‍රහස්පතින්දා වගේ දවස්වල තමයි මම ෂූටින් ගියා. ඉතින් ඉස්කෝලේන් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා.

අන්න ඒ විදියටයි නිල්මිණි තෙන්නකෝන් කියන්න ටෙලි නිළිය අපිට ලැබුණේ.. ඔහොම ටෙලි වෘතාන්ත වලට සම්බන්ධ වෙන්න පටන් ගත්තට පස්සේ ඔබේ ජීවිතය රංගනය පැත්තෙන් ඉතාම වෙනස් මානයකට යොමු කරපු ටෙලි නාට්‍යයක් තමයි නාලන් මෙන්ඩිස් මහත්මයාගේ පස්සේ ගෙනා මනමාලි.

ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන ජයන්ත කැටගොඩ මහතාටත්, එහි හිටපු සියලුම නිෂ්පාදකවරුන්ට ඔවුන් තමයි මාව ගන්න යෝජනා කරලා තිබුණේ. නාලන් අයියත් ස්තුතිවන්ත වෙනවා. ඒකෙන් මම ලොකු පන්නරයක් ලැබුවා. ඇත්තටම කියනවා නම් ඒ වගේම තමයි හර්බට් රංජිත් පීරිස් මහත්මා කවදාවත් අමතක කරන්න බැහැ .හිරුට මුවාවෙන් ,හිරු සඳු හමුවේ ඒ වගේ චරිත මට දීලා මට රංගනය පිළිබඳ ලොකු අත්දැකීමක් ලබාගන්න පුළුවන් වුණා. එවකට ඩී.බී නිහාල්සිංහයන් කරපු සෑම ටෙලි නාට්‍ය චරිත හම්බුනා. මට පෙම්වතියගේ චරිතයක් දෙන්න තරම් මට වයසක් තිබුනෙ නැති නිසා යලුවගෙ චරිත පන්තිය ළමයා අන්න ඒ වගේ චරිත මට ගොඩක් හම්බවුණා. මට ප්‍රධාන චරිතයක් කියන එක මට ලැබුණේ නාලන් අයියාගේ පස්සේ ගෙනා මනමාලි ටෙලි නාට්‍යයෙන්.

ඔන්න ඔය විදිහට ටෙලි රංගනයට අවතීර්ණ වෙච්ච ඔබ, ලංකාවේ මිනිස්සු හදවතින්ම වැළඳ ගත්තේ දූ දරුවෝ ටෙලි නාට්‍යයේ දීප්ති හින්දා. කොහොමද ඔබට දීප්ති වෙන්න අවස්ථාව ලැබුණේ?

දීප්ති වෙන්න අවස්ථාව ලැබුණු ඇත්තටම නාලන් අයියාගේ පාට සරුංගල් ටෙලි නාට්‍ය වල නිර්මාණවලට මම දායක වෙලා තිබුණා. ඊට පස්සේ නාලන් අයියා මට දූ දරුවෝ දීප්ති එකට ආරාධනා කළා. හැබැයි ආරාධනා කරන කොට සෝමවීර සේනානායකයන්ට ඕන වුනේ කොට කොණ්ඩයක් තියෙන කෙනෙක්ව. හැබැයි මාව සුසිල ආයතනයට ගෙනල්ලා මට දෙබස් දුන්නා දීප්තිගෙ දෙබස් දෙක තුනක් .ඊට පස්සේ මම කිව්වා. ඊට පස්සේ වලට ප්‍රශ්නයක් ආව මගේ කොණ්ඩය. ඊළඟට කිව්වා කමක් නැහැ කොන්ඩ ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නැහැ අපි විග් එකක් දාමු කියලා. හැබැයි මම බිග් එකට අකමැති වුණා. මම කිව්වා මම කොණ්ඩයක් දාලා පෙන්නන්න ද කියලා ඇහුවා. ඊට පස්සේ කොටට ද කියලා ඇහුවා. මම කිව්වා ඔව් මට පුළුවන් කිව්වා. මං ඊට පස්සේ මගෙ දිග කොණ්ඩය මං පටියක් ගැට ගහලා කොටට නවලා පෙන්නුවා. එකපාරටම සෝමවීර සේනානායකයන් ටක් ගාලා පුටුවෙන් නැගිටලා කිව්වා ඔන්න ඔය කොණ්ඩෙ තමයි මට ඕන කිව්වා. ඊට පස්සේ කොණ්ඩය ඕකේ වුණා. දීප්ති කෙනෙක් හැදුනා. කලිසමක් ඇන්දුවා. බෑග් එකක් එල්ලුවා. ඉතින් දීප්ති බවට මාව පත් කළා.

දීප්ති කියන චරිතය ඔබ ඉතාමත්ම අඩුවෙනි මේකප් පාවිච්චි කරපු දැම්මෙ නැති තරම්. දීප්ති හැමදාම ඇන්ඳා ටී ෂර්ට් එකක් කලිසමයි. හැබැයි ඔබට හැකි වුණා ඔබේ රංගන කුසලතාවය නිසාවෙන්ම මුළු ලංකාවම අඬවන්න. ඒ ඇඬවපු ගැන දවස ගැන ආයෙත් කතා කළොත්?

ඇත්තටම දීප්ති කියන චරිතය ලංකාව එච්චරටම ජනප්‍රිය වුණු චරිතයක් බවට පත් කරන්න මගේ හිටපු ප්‍රවීණ නළු නිළියන්ට මම ඇත්තටම හැමදාම ණයගැති.. ඔයාටත් කැලුම් මාත් එක්ක සම්බන්ධ වීමෙන් අපි දෙන්නාගේ චරිතයේ ආදරවන්තයන් දෙදෙනා එකතු වීමත් තවත් ආලෝකයක් වුණා දූ දරුවෝ එකට. ඒ වගේම මට ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ හෙන්රි ජයසේනයන්. ඔහුගෙන් ලැබුණු ඔවදන් මගේ චරිතයට පිටුවහලක් වුනා. ඒ වගේම තමයි අයිරංගනි සේරසිංහයන් , වීනා අක්කා සියලු දෙනාම සුනෙත්රා අක්කා, හැමදෙනාම චාන්දනි අක්කා මේ හැමෝගෙන්ම ලැබුණු පන්නරය සහ ඔයාගෙන් ලැබුණු සපෝට් එකක් මම හිතන්නේ රසික රසිකාවියන්ගේ අතරට යන්න දීප්තී ලොකු එළියක් ඇති වුණා. ඉතින් ලංකා වෙන්න සියලුම ආදරණීය රසික රසිකාවියන් අදටත් දීප්තිව තාමත් වැළඳගෙන ඉන්නේ.
තරුණ පරපුරේ අය මේ දීප්ති කියන්නේ ඇයි කියන එකත් හොයනවා. මගෙන් කෝල් අහනව. ඒගොල්ලො YouTube වලින් බලනවා. අර කිව්ව වගේ එක සාර්ථක වෙන්න හේතුව makeup නෑ ,ඔහේ කලිසමක් ඇඳගෙන ඔහේ ඇවිදින චරිතයක්. ඉතින් ඒ චරිතයේ මම වටහා ගෙන හොඳට කරන්න ඇති ඒක තමයි එච්චර ජනප්‍රිය වුණේ. ඒ වගේම ලංකාවෙ ගොඩක් සම්මාන ගන්න පුළුවන් වුණ චරිතයක්. ඉතින් ඒ චරිතයට මම හැමදාමත් ආදරෙයි. මං මගේ දියණියට දීප්ති කියලා නම දාන්න හිටියා හැබැයි බැරිවුනා නේ. අකුරු ගැලපුනේ නැහැ.

ඔබ පස්සේ ගෙනා මනමාලි උනානේ. හැබැයි හැබෑවටම මනමාලියෙක් වෙන්නවා 1995 වසරේදී. ඔබ විවාහ පත් වෙන්නේ ඔබේ රංගන ජීවිතයේ හිමි පෙත්තේදිම. ඒ කියන්නේ ඔබ ඉතාම ජනප්‍රිය යොවුන් නිළියක් වෙලා ඉඳිද්දී තමයි ඔබ විවාහ පත් වෙන්නේ. ඇයි එහෙම තීරණයක් ගත්තෙ?

උත්තර දෙන්නත් බයයි අම්මා ගේ ඇතුලේ ඉන්නවා. ඒක ඇවිල්ලා හිනිපෙත්තට කියන්නෙ ටෙලි නාට්‍ය අභිබවා සිනමාවට අධ්‍යක්ෂවරු ගෙදරට එන කාලෙ.. සිනමා නිර්මාණවලට ගන්න. ඉතිං මම ගොඩාක් හැමෝටම මගේ දින දීලා ඉන්න වකවානුවේ තමයි මට සිනමාව අත්හැරලා සියලු දේ අත් හැරලා විවාහ වෙන්න තීරණය කරන්නේ..

එදා ඒ ගත්ත තීරණය නිසාවෙන් ඔබ විවාහ වෙලා ඔබට දියණියක් ලැබෙනවා ශ්වේතා මන්දාකිණි. දෙදහ වසරේ දී ඔබ විවාහයෙන් වෙන් වෙනවා?

ඇත්තටම ඕනම කාන්තාවක් විවාහ වෙන්න විවාහය සහ වෙඩින් එක කියන එක හීන මවනවා හැම කෙල්ලෙක්ම හැම යුවතියක්ම. ඊට පස්සේ තමයි ඇය විවාහ ජීවිතයට එන්නේ. ඒක එන්න උපරිම ආසාවෙන් එන්නේ. හැබැයි මම මගේ රැකියාවට මුල්තැන දුන්නනං ඒ කියන්නේ මම පළවෙනියෙන්ම මුල් තැන දෙන්න ඕන මගේ ජොබ් එකට. එතකොට මම එදා මගේ රැකියාවට නෙමෙයි පළවෙනි ස්ථානය දුන්නෙ. ඉතින් මං පළවෙනි ස්ථානය දුන්නේ ආදරය ,දෙකත් ආදරය, අන්තිම ආදරය ඒක නිසා මගේ රැකියාව මට ගොඩක් අහිමි වුණා. ඉතිං මම කිසිම කාන්තාවක් කැමති නැහැ විවාහ වුනාට පස්සේ විවාහයක් නැති කරගන්න කිසිම කෙනෙක් කැමති නැහැ. අපි හැමෝම ආස පවුලක්, ස්වාමිපුරුෂයෙක් ගෙදර ළමයෙක් මේ ජීවිතේ ගත කරන්න හරිම ආසයි. ඉතින් මට ඒක අහිමි වුණා. හැබැයි ඒ අහිමි වෙච්ච ජීවිතේ මම දුක නැහැ. මොකද මට මට ලස්සන හොඳ දියණියක් ඉන්නවා. හැබැයි මම දුක් වෙන එක තැනක් තියෙනවා මම නැති කරගත්ත දේවල් ගොඩක් තියෙනවා. වටිනා දෙයක් තියාගෙන නැති කරගත්තා නම් කමක් නැහැ නොවටිනා දේකට මං මගේ මුළු වෘත්තියම නැති කරගත්තා. ඒක අධ්‍යක්ෂවරුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ මම සෙට් එකේ ගියොත් අඬනවා. එතකොට මම ඒක අමුතුම දෙයක්.

මොකද මං පෙරුම් පිරුවෙ සිනමා නිළියක් වෙන්න. මේ ප්‍රශ්න නිසා මට ඒ හැම දෙයක්ම අහිමිවුණා. ඉතින් අහිමි වෙච්ච දේවල් ගැන මම පසුතැවෙන්නේ නැහැ. තියෙන දේ ලැබිච්ච දේ ගැන මම සතුටු වෙලා ජීවිතේ ගොඩක් සතුටු වෙන කෙනෙක්. මොකද මගේ අම්මා අපිව ලොකු උස් මහත් කළේ මගේ තාත්තා නැති වෙලා තියෙද්දිත් ගොඩක් දුක් මහන්සි වෙලා. මොකද රෝස මල් යහනාවක නෙමෙයි මම මගේ ජීවිතේ මගේ තාත්ත නැති උනාට පස්සේ මම ගොඩනගා ගත්තේ. හැබැයි කලාවට පිවිසුණේ මම මහන්සි වෙලා නෙමෙයි මගේ වාසනාවට ආපු ගමනක්. ඇවිල්ල මම ගොඩක් මහන්සි වුනා. මම නිකන් දූ දරුවෙක් ඒ කිව්වා වගේ දීප්ති චරිතය හරහා ගොඩක් ජනප්‍රිය වුණා. නිර්මාණ ගොඩක් හම්බවුණා. හැබැයි ඒව මම පරිස්සම් කරගන්න දැනගත්තේ නැහැ. මං හැම වෙලාවෙම හිතන්නේ මගේ තාත්තා නැති වුණා මට පොඩි කාලේ.

ඒ වෙනකොට මගේ අයියා පිටරටක හිටියෙ. පිරිමි කෙනෙක් ගැන ලැබුණු ආදරය මට මහා තෝතැන්නක් වුණා. අන්න ඒකට මුල්තැන දුන්නා කියලා මට හිතෙනවා මගේ රැකියාවට වැඩිය. නැත්නම් මගේ ගමන ගොඩක් දුර තිබුන යන්න. ඉතින් මම හිතන්නේ ඕනම ගැහැනියක් ඕනම පිරිමියෙක් ගත්තොත් මේ දෙපාර්ශවයේම තමන්ගේ ජීවිතවල් වල තමන්ගේ විවාහයේ දී යම් යම් ගැටලු ඇති වෙනවා. හැබැයි ගැටලු තියෙනවනම් දෙන්නෙකුට එක වහලක් යට ජීවත් වෙන්න බැරි නම් දෙන්නෙක් කතා කරලා අයින් වෙන එක තමයි කරන්න ඕන හොඳම දේ. හැබැයි ඇත්ත කියන්න ඕනේ බොරු කියන්නෙ නැතුව. එතකොට ගැහැනියකට පිරිමියෙක් බොරු කලොත් පිස්සියෙක් වගේ දඟලන්න පටන් ගන්නවා. මම එහෙම දඟලපු කෙනෙක් පිස්සු හැදිලා දැඟළුවා. ඒ වයසත් එක්ක තේරෙන් නැතිකමට ගොඩක් දේවල් මීඩියාවලට කියන්න පටන් ගත්තා. ඒ ගැන මං අද දුක් වෙනවා. මොකද අනවශ්‍ය දේවල්. වෙන් වුනාද ,

ඉවරද සද්ද නොකර ඉන්න ඕනේ මම හිතන්නේ.. මට දැන් හිතෙන්නේ එහෙමයි. එදා මගේ මට අයිති දේ තව කෙනෙකුට අයිති වෙනවට බලන් ඉන්න බැරුව මම සටන් කරපු කෙනෙක්. මම ඒක මටම ලබාගන්න සහ මට දියණියක් ඉන්නොකොට දියණියට තාත්තා ඕනේ මට හස්බන්ඩ් ඕනේ. ඉතින් මගේ තාත්තා සහ මගේ අම්මගේ ජීවිතේ අපි ගෙදරදි දැක්ක නිසා මට තව විවාහයක් කරගන්න මට අවශ්‍යතාවයකට මම කැමති නැති නිසා ලැජ්ජයි ඒ කාලේ. අද කාලේ එහෙම නැහැ. ඒ කාලේ හරිම ලැජ්ජයි ලෝකෙට මුහුණ දෙන්න අමාරුයි. ඒක නිසා මම හිතන්නේ මම ගොඩක් දේවල් කරලා තියෙනවා ගොඩක් පිස්සු වැඩ කරලා තියෙනවා.

මම හිතනවා අපේ කාන්තාවක් උනහම හැම කාන්තාවක්ම එහෙම තමයි. මොකද කාන්තා වැඩසටහන් කරන නිසා councilin වැඩසටහන් කරන නිසා මම අද දන්නවා කාන්තාවන් කීදෙනෙක් මට කතා කරනවාද ඒයලා දුක බෙදාගන්න. අද මට ඒ මේ දැන් තියෙන දැනුම එදා මට තිබුණ නම් මම කවදාක්වත් වැරදි තීරණ ගන්නේ නැහැ. ගන්නෙම නැහැ. හැබැයි මම විවාහ වුනේ අපරාදේ ඔහුත් එක්ක විවාහ වුණේ අපරාදේ කියලා මම කොතැනකදීවත් මම කියන්න යන්නේ නැහැ. ඒක මගේ දියණියට කරන අපහාසයක්. මොනවා උනත් මගේ දියණියගේ තාත්තා. ඔහුයි මායි අතර වෙච්ච දේවල් ඒක ඔහුයි මායි අතර පමණයි. මම දකින්නේ ඒක දරුවෙක්ටවත් අවශ්‍ය නැහැ. මම කිසිම දෙයක් මගේ දියණියට කියන්නේ නැහැ අදට කියන්නෙත් නෑ හෙට කියන්නෙත් නෑ මම මැරෙනකං කියන්නෙත් නැහැ. මොකද ඒ ගරුත්වය මම දීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා.

එදා හිටිය නිල්මිණිට වැඩිය අද ඉන්න නිල්මිණි ජීවිතය අත්දැකීම් එක්ක කොයි තරම් නම් පරිණත වෙලා ද. ජීවිතේ දිහා කොයිතරම් නම් බුද්ධිමත්ව බලනවද.. මේ පණිවිඩය ඔබට ඔබේ ජීවිතේ තීරණ ගනිද්දී දෙවරක් නෙමෙයි තුනක් නෙමෙයි දහ වරක් හිතන්න. ඔබේ ජීවිතයේ හරි තීරණය හරි වෙලාවට ගන්න. නිල්මිණි ඔබේ රංගන ජීවිතය ගැන අපි කතා කරනකොට මම පෞද්ගලිකවම ප්‍රිය කරන චරිතය තමයි ඩෙසි සූසන් ඉටිපහන්. ඉටිපහන්හි ඔබ රඟපාපු ඒ භූමිකාව නිළියකට සිය ජීවිත රඟපාන්නට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් කිව්වොත් මම නිවැරදියි?

ඇත්තටම මතක් කරපු එක හොඳයි.. මොකද සෝමරත්න දිසානායකටත් ,රේණුකා බාලසූරියවත් කවදාක්වත් අමතක කරන්න හොඳ නැහැ. ඉටිපහන් දෙක මම රඟපෑවේ. මම වසන්ති අක්කගෙ දියණිය හැටියට අනර්කලී ලොකු වෙනකොට තමයි මම හිටිවේ. ඩෙසි සූසන් කියන්නෙ ලංකාවෙ ප්‍රසිද්ධ චරිතයක්. ඇත්ත කතාවක් මේක. ඉතින් ඒ චරිතය මට රඟපාන්න ලැබිච්ච එක ලොකු භාග්‍යයක්. මම විශ්වාස කරනවා මගෙන් ඒ චරිතයට සාධාරණය ඉෂ්ට වුණා කියන එක. ගොඩක් ජනප්‍රිය වෙච්ච චරිතයක්. මම ඒක සාධාරණය ඉෂ්ඨ කරා කියලා දැනගත්තේ ඒ නාට්‍ය වෙනුවෙන් අපි 97 අවුරුද්දේ අපි ප්‍රංශය ,ජර්මනිය ඔස්ට්‍රියා වැනි රටවල් වලට ගියා festival වලට. ඇත්තටම එතනදි මම දැනගත්ත මේ චරිතය කොයිතරම් නම් අය වැළඳගෙන තියෙනවද කියලා. ඒ රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ පමණක් නෙමෙයි ඒ රටවල් වල පුරවැසියෝ මේ චරිතයේ බලලා මට ගොඩක් ප්‍රශංසා කරා. මගේ ජීවිතේට අමතක වෙන්නේ නැහැ. ඒ වගේම ඒ චරිතයේදී මට රඟපාන්න සහය දුන්න වසන්ති අක්කා, අපේ ප්‍රියන්ත තව ගොඩක් ආර්ටිස්ලා හිටියා. හැබැයි මට ලොකු දුකක් තියෙනවා ඉටිපහන් එක වගේම උදේ කාන්තවර්ණසූරිය මහත්මාගේ දිය සුලිය ඒ නාට්‍ය දෙකටම ලංකාවේ අසාධාරණකම් සිද්ධ වෙච්ච නාට්‍ය දෙකක්.ලද දේයින් සතුටු වෙන කෙනෙක් මම.. ඇත්තටම ජීවිතයට අමතක වෙන්නේ නැහැ ඉටිපහන්.

මොකද එක දර්ශනයක් තිබ්බා. එක දර්ශනයක් තිබුණා මට ඉඳිකට්ට ඇනිලා ලේ ඒනකොට ඉදිකට්ට ඇනිලා ලේ එනකොට ප්‍රියන්ත මාත් එක්ක එකේ මගේ කොල්ලට හිටියේ. අපි සාමාන්‍යයෙන් මොකක් හරි අනිලා ලේ එනකොට ටක් ගාල කටට තියලා උරණවා ලේ එන නිසා. ඒ ජවනිකාව ප්‍රියන්තට තමයි කරන්න තිබ්බේ. මම කිව්වේ අර මං අධ්‍යක්ෂකවරුන්ට පොඩ්ඩක් වදයක් වුණා කියලා ඒ කාලේ. දැන් මං අනූ පහේ තමයි මේකෙ රූගත කිරීම් කරෙත්. එතකොට මම 95 විවාහ වෙලා හරියටම මාසයයි. එතකොට මම කියනවා රේණු අක්කාට අනේ මට බෑ අනේ මට බෑ මට ප්‍රශ්න ඇතිවෙයි.. මටනම් දෙන්න බෑ ඔය සින් එක කරන්න බෑ කියලා මම කිව්වා. එච්චරට කැපුනා මම ඒ සීන් එක කරේ නැහැ. ඊට පස්සේ රේණු අක්කිගෙ අත තමයි දුන්නෙ.. ආදරේ වෙනුවෙන් එච්චරටම කැප උන කෙනෙක් මම.

ඊට පස්සේ ඔබට මතකේ රැඳෙන තවත් චරිතයක් නිරූපණය කරන්නට ලැබෙනවා.ඒ අම්මා ටෙලි නාට්‍ය.

අම්මා කියන ටෙලි වෘත්තාන්තය උපුල් ශාන්ත සන්නස්ගල මහත්මයාගේ ජීවිත කතාව. ඔහුගේ අම්මගේ චරිතය තමයි මම රඟපෑවේ. තිළිණ බොරලැස්ස තමයි අධ්‍යක්ෂකවරයා. එහි අම්මා කියන චරිතය මට නිරූපණය කරන්න ලැබිච්ච එක නම් මම දකින්නේ ලොකු භාග්‍යයක් හැටියට. මොකද රංගනය පිළිබඳව මම ඉගෙනගෙන තිබ්බ නිසාවෙන් මම ලබපු මම බලල තියෙන චිත්‍රපට ප්‍රමාණය නිසාවෙන්ම මට ලොකු පරාසයකට යන්න පුළුවන් වෙච්ච චරිතයක්. ඒ වගේම ලංකාවේ තිබුන හැම සම්මාන උළෙලකම මට සම්මාන ලැබුණා හොඳම නිළිය හැටියට. මට කියන්න සන්තෝෂයි මොකද අපි දැන් වෙන් කරල තියෙනවනෙ සිනමා නිළිය, ටෙලි නිළිය ,ටෙලි නළුවෝ මම නම් ඒකට විරුද්ධයි. ඕක තියෙන්නෙ අපේ ලංකාවෙත් ඉන්දියාවේ පමණයි. ලෝකෙ වෙන රටවල් වල නැති දෙයක්. හැබැයි සිනමාව හෝ වේවා ටෙලි නාට්‍ය හෝ වේවා රංගනය නම් රංගනයම තමයි ඇත්තටම. ඉතින් මේකෙ වෙනස් වෙන්න තිරය විතරයි.

දැන්නම් ඉතින් ටෙලිනාට්‍ය කරන කැමරා වලිනුත් සිනමාපට කරනවා. එහෙම සිනමාවක් නෙමේ මම කතා කරන්නේ රංගනය පිළිබඳව තමන් කරන චරිතයක් ඉතාමත්ම ගැඹුරින් කරන චරිතයක් ගැන ඉන්න ප්‍රේක්ෂකයින් කතා කරා වගේම මම හිතන්නේ චරිත ගත්තහම රංගනය ගත්තොත් සිනමාවද ටෙලිනාට්‍යය ද කියලා වෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා තමයි මම දකින්නේ. මොකද ඒ තරමට මම කැප වෙලා හැන්දෑවත් අම්මා සහ හැන්දෑව කියන ටෙලි වෘතාන්ත දෙකම.

අම්මා කියන්නේ ඉතාමත්ම ගැඹුරු චරිතයක්. මම ආස ඒකේ එක තැනක එයාට හම්බ වෙනවා දහවෙනි ළමයා. එ දෙබස් ටික මං දන්නෙ නැහැ කලන ලිව්වෙ කලන කියන්නේ ඉතාම දක්ෂ ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්. මගේ මේ දහවෙනි ළමයා මම දෙන්නේ නැහැ කාටවත් කියන ඒ දෙබස, ඒ සීන් එක මට හිතාගන්න බෑ. මම කොහොමද එදා act කරේ කියලා. මගේ ජීවිතයේ ලබපු තවත් ජයග්‍රහණයක් තමයි අම්මා ටෙලි වෘතාන්තය.

අමතක කරන්න බෑ අපිට හැන්දෑව?.

හැන්දෑවත් එහෙමයි. ඩිංගිරි අම්මා ,හැන්දෑව ,ගිරිකුළ මේ තුන පොඩ්ඩක් මට ජීවිතේ ලැබිච්ච ලොකු දෙයක්. සුදත් රෝහණයන්ගේ මේ ටෙලි වෘතාන්ත හැන්දෑව කියන්නෙත් ඒ වගේම අවුරුදු 30 ඉඳලා අවුරුදු 80 වෙනකන් වයසට යනවා. අම්මා එකෙත් එහෙමයි .හැන්දෑවෙ ඇත්තටම අවුරුදු අසූවක් ගිහිල්ලා අන්ද වෙලා ඇය නැති වෙනවා. ඒ දර්ශනය නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ ඒකෙ end එක. ජීවිතයේ තවත් මං ලබපු භාග්‍යයක් හැටියට මම ඒක දකිනවා.

අද වන විට ඔබ ජීවත් වන්නේ මිරිහාන ඔබේ නිවසේ.. මේ ඔබේ දහඩිය මහන්සියෙන් ඔබ තනපු නිවස. අද ඔබ තනිකඩව ජීවිතය ගෙවන්නේ ජීවිතේ දිහා ආපහු හැරිලා බලනකොට දැන් ඔබට හිතනවද මේ මොහොත වන විට ඔබේ ජීවිතයට තවත් පිරිමියෙක් එකතු වුණා නම් හොඳයි කියලා නැත්නම් මේ ගෙවන ජීවිතය ඔබ අගය කරනවා ද?

ඇත්තටම මේ හැම බිත්තියකම හැම ගඩොලකම නිෂ්පාදකවරුන්ගේ මුදල් තියෙනවා. ඔවුන් මාව ගත්ත නිසා තමයි මට මෙහෙම ජීවත් වෙන්න පුළුවන් වුණේ. මගේ මහන්සිය මගේ කැපවීම මේ ගඩොලක් ගඩොලක් ගානේ තියෙනවා. ඉතිං ඒ අයට මම හැමදාම ජීවිතයේ ස්තුතිවන්ත වෙනවා මාව හොඳයි කියලා හිතලා ගත්ත හැමෝටම. මම යම්කිසි විදිහකට මගේ රංගන ජීවිතයත් එක්ක මගේ වටිනාකමක් මං රට ඇතුළෙ හදාගත්තා. ඒ හදාගත්ත නිසා ඒ වටිනාකමට ලැබුණ මුදල් වලින් හදා ගත්ත දේවල් මේවා මම තනි මහන්සිත් හදාගත්තේ. මම මගේ දෙමව්පියන්ගෙන්වත් කිසි දෙයක් ගත්ත කෙනෙක් නෙමෙයි. මගේ තනි මහන්සී හදාගත්ත නිසා මට ලොකු ආඩම්බරයක් තියෙනවා ඇත්තටම. ඒක නිසා ජීවිතේ යම් කිසි විදිහකට අපිට ලබාගන්න පුළුවන් දේ ලැබිච්ච දේ අපිට අගයන්න පුළුවන් නම් තවත් අපිට ලැබෙනවා වැඩියි. එතකොට මම කලාකාරියක් වුනේ මම පෙර භවයේ කරපු පිනකට. මම තනි ජීවිතයක් ගත කරන්නේ ස්වාමිපුරුෂයෙක් නැතුව ඒත් මම කොහේ හරි භවයක කරපු පවක් නිසා එහෙම කියලා මම විශ්වාස කරනවා. හැබැයි තනි ජීවිතය මට ලොකු දියණියක් ඉන්න නිසා තව පිරිමි කෙනෙක්ව මගේ ගෙදරට ගෙන්න ගන්නවට වැඩිය මං මේ ගතකරන ජීවිතය මට ගොඩක් හොඳයි. මොකද මම දැන් නිදියගන්න ගියත් දහපාරක් විතර මම දොරවල් ලොක් කරලද කියලා බලනවා .වෙලාවකට හිතෙන මට මානසික ලෙඩක්ද කියලා. එතකොට මගේ දියණියගේ ආරක්ෂාව මේ හැම දෙයක්ම මගේ අතින් a – z මම කරනවා. ඒක නිසා මට හිතෙන දේ මට අවුරුදු දහනවයක දියණියක් ඉන්න අම්මා කෙනෙක්. මම විවාහ වෙන්න සුදුසු නැහැ දැන්. ඒක නිසා මේ කොරෝනා පළවෙනි රැල්ල ආවට පස්සෙ මට දැනිච්ච දෙයක් තමයි පාළුව කාන්සිය තනිකම මේකත් එක්ක මට දැනුන මම තනිවෙලා කියන එක මට දැණුනා. මම මගේ දියණියට හොරෙන් පළවෙනි කොරෝනා එකේදි මම ගොඩක් ඇඬුවා. මට ඇඬුණා ඇත්තටම. මොකද ජීවිතේ මම මටම කියලා ලෝකයක් හොයාගෙන මම විවාහ වෙනකොට ඒ විවාහය නැතිවෙලා වෙනත් වූ කාන්තාවන් සමග විවාහ ජීවිතවලට සම්බන්ධ වෙලා ඒ ජීවිත ගත කරන කොට ඒ කාන්තාවන්ට ලැජ්ජාවක් කියන එක නැද්ද කියන එක මට දැනෙනවා.

හැබැයි කෙසේ වෙතත් මම අද සතුටු වෙනවා මම හැමදේකින්ම බේරිච්ච එකට. සියලු දේ අනිත්‍යයි මම දන්නෙ සියලු දේ අනිත්‍යයි.. ඒ අනිත්‍යට අපි මූණ දෙන්න ඕන. මටනම් දාලා යන්න බැරි දේවල් මුකුත් නෑ. මට ඕන වෙලාවක මේවා දාලා යන්න පුළුවන්. මට දාලා යන්න බැරි එක දේ මගෙ මුලු ලෝකෙම මගෙ දියණිය. මගෙ නංගි ,මගේ අම්මා. ඒව මට දාලා යන්න බැහැ .හැබැයි මම දන්න එක දෙයක් තියෙනවා ජීවිතේ මිනිස්සු ආරම්භ කරන්නේ පොඩි කාලේ ඉඳලා අපි මේ ලෝකෙට එන්නේ අඬාගෙන. ඉතිං අඬාගෙන ජීවිතේ හරි කැමති මිනිස්සු දුකම ඉල්ලනවා, දුකින්ම ජීවත් වෙන්න. මමත් ඉතින් මනුස්සයෙක්. මටත් දැනෙනවා හැඟීම් දැනීම්. ඒ නිසා කොයි වෙලේක හරි කතා කරනකොට මට කඳුළු එනවා. ඒක නිසා මං මේ කොරෝනා එකත් එක්ක මට ලොකු සංකාවක් ඇති වුනා. මොකද මගේ දියණිය දැන් එයා college එයා ඔන්ලයින් තාක්ෂණයත් එක්ක exams වල ඉන්නේ. එතකොට මට මේ තනිකම ගොඩක් දැනෙන්න පටන් ගත්තා. හැබැයි මේ බිත්ති වල මේ නිවසේ මට තියෙන්නෙ මගේ, දුවගෙයි මගේ මතකයන් විතරයි.

ඒක නිසා මට එහෙම මතකයන් නැති නිසා මට මේක තුළ ඉන්න පුළුවන්. හැබැයි මට සින්දුවක් අහන්නත් පුළුවන් සිංදුවක් දාගෙන නටන්නත් පුළුවන් කියලා දුකක් හැදිච්ච වෙලාවට පැත්තකට වෙලා ඉන්නත් පුළුවන් කියලා මම එහෙම චරිතයක්. කිසිම දේකට කම්මැලි නැහැ. මම හැම කාන්තාවකටම කියන්නේ කොයිම වෙලේකවත් තමන්ගේ ජීවිතේ එක තත්පරයක්වත් නිකං ගත කරන්න එපා. දවස මිඩංගු කරන කොට මතක තියාගන්න ඕනෙ හැම වෙලාවෙම අපිට අයිති දේ අපිට වුවමනා දේ පමණක් කරලා ජීවිතය හැඩගස්වා ගන්න, ජීවිතේ දියුණු කරගන්න ඕනෙ. එකම දෙයක් වෙනුවෙන් අපි පෙළඹිලා හිටියොත් අපේ ජීවිත ඇත්තටම පස්සට යනවා කියන එක මම විශ්වාස කරනවා. ඒ නිසා තනිකම පාළුව සියලු දේ මම අදහන බුද්ධාගම මගේ දියණිය මේ සේරමත් එක්ක මගේ රටේ ඉන්න මගේ ආදරණීය රසික රසිකාවියෝ මගේ යාලුවෝ හරි පොඩ්ඩයි ඉන්නෙ මට. ඒවත් එක්ක මම හැම දෙයක්ම තේරුම් අරගෙන ජීවත් වෙන කෙනෙක් .මම රූගත කිරීම්වලට අමතරව කොහෙවත් යන්න කැමැති නැති කෙනෙක්. ගෙදර ඉන්න ආස කෙනෙක්. මම කවදාක්වත් මත්පැන් වත් පානය කරන්නේ නැති කෙනෙක්. ඒවට මම කැමැති නැහැ. ඒක නිසා ඒවා පාවිච්චි කරන අයට දොස් කියනවා නෙමෙයි. ඒ මගේ අදහස. ඉතින් ඒ නිසා මට හොඳ නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන් වාතාවරණයක් මට දැන් ලැබිලා තියෙනවා.

ඔබ දාලා යන්න බැරි දේවල් ගැන කතා කළා. 2007 වසරේදී ඔබට මුහුණ දෙන්න සිදුවුණා ජීවිතයම දාලා යන්න වෙච්ච එක සිදුවීමක්. ඉතාමත්ම දරුණු රිය අනතුරක්. ඒ රිය අනතුර ඔබේ ජීවිතයේ අද මේ ඉන්න තත්වෙට කොයි ආකාරයෙන් ද බලපෑවේ?

ඒකත් ලොකු බලපෑමක් වුණා ඇත්තටම ජීවිතේ. 2007 වසරේ මාර්තු 4වෙනිදා. අංජලිකා කියන චිත්‍රපටයේ opening ඒකට මාව චීෆ් ගෙස්ට් හැටියට මට ආරාධනා කරපු එකට යනකොටයි කුරුණෑගල යනකොට මේ සිද්ධිය සිද්ද වුණේ. මට නින්ද ගිහිල්ලා තිබුණේ. මට ඒ අනතුර ඒ වගේ භයානක තත්වයකට පත් වුනේ මම දාගෙන හිටපු සීට් බෙල්ට් එක නිසා. මම නිදි මතෙන් බෙල්ට් එක අතින් උඩට අරගෙන තියෙනවා. එතකොට බෙල්ට් එක මේ අතට මට තද වෙලා තියෙනවා පපුවට. ඒ වැදුණු පාරට බෙල්ට් එක ඇවිල්ලා තදවුනා මගේ ලිවර් එක කැඩුණා. මටනම් ඇත්තටම මොකුත් දැනුනේ නැහැ එහෙම මුකුත් කැඩිලා තියෙනවා කියලා. නමුත් පස්සේ රාගම රෝහලට ගෙනිච්ච ඒ ත්‍රීරෝද රථ රියදුරාට මම සදා ණයගැති මොකද ඔහුව මම අදටත් මතක් කරනවා. මම හොයනවා ඔහුව මට සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් මම ඇත්තටම හොයනවා. මාව ඒ අරන් ගිය කෙනා ඒ තරම් හදවතක් තියෙන මනුස්සයෙක් මම පිස්සු හැදිලා වගේ කියනවා හැම ෆාමසි එකක්ම දැක්කහම මම කෑගහලා කිව්වා අතන ඩොක්ටර් කෙනෙක් මෙතන ඩොක්ටර් කෙනෙක් මාව අතනට දාන්න මෙතනට දාන්න කියලා. මට හීනෙන් වගේ ඇහෙනවා ඒ මනුස්සයා කියනවා නෑ නෑ මිස් ඔයා කිසිම තැනකට යන්න හොඳ නැහැ මම ඔයාව ගෙනියනවා රාගමට කියලා.

ඉතාමත් ඉක්මනින් අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා ඒ හොස්පිට්ල් එකට ගෙනිච්චම troli එකට දැම්මහම මට තාම මතකයි මම ඩොක්ටර් කිව්වා ලේඩි ඩොක්ටර් කෙනෙක්. doctor මාව මරන්න එපා මට මැරෙන්න දෙන්න එපා මට දියණියක් ඉන්නවා මට එච්චරයි මතක. ඇය මගේ කනට ලං කරල කිව්වා ඇය ක්‍රිස්තියානි කෙනෙක් .ඔයා බයවෙන්න එපා ඔයා මැරෙන්නෙ නැහැ jesus ඔයත් එක්ක ඉන්නවා කියලා. මට මතකයි මම ඒ ඇඳගෙන ඉන්න ඇඳුම පිටින්ම මගේ බොඩි එක උඩට යනවා මට මතකයි. ඊට පස්සේ වෙච්ච සියලුම දේවල් මාව operation කරනවා, මගේ ලිවර් එක කැඩිලා ලේ ඔක්කොම bleed වනවා. ඒ සියලුම දේවල් මම ඉතාමත්ම ලස්සන තැනක ඉදලා මේ සියලුම දේවල් මම බලාගෙන හිටියේ. එක තැනකදී මට හිතුනා මට යන්න ඕන කියලා. ඇති දැන් මේක බැලුවා කියලා. මට පේනවා ඔක්කොමල අඬනවා, දහස් ගණනක් සෙනග පිරිලා අඬනවා හොස්පිට්ල් එකේ .හැබැයි මේ ඔක්කොම තිබුනට මට මගේ දියණියව මතක තිබුණෙ නැහැ. එතනත් ඇයි කියලා මට තේරෙන්නේ නැහැ මම විවාහ වෙලා හිටපු කෙනා විතරයි මට මතක් උනේ ඒ වෙලාවේ. එච්චර මම ඒ තරම් බැඳීමක් තියෙන්න ඇති. හැබැයි මම යන්න යනකොට මම යූ ටර්න් එකක් ගන්නවා. යූ ටර්න් එක ගන්නේ මට මගේ දියණියව මතක් වෙලා. ක්ෂණිකව මම එනවා. ඒ එනකොට මම මට දැනුනේ මම කල්ප ගානක් මම දිව්වා කියලා මට මතක. මම එකපාරට හැරිලා එනවා එනකොට තමයි මගේ ලිවර් එක ආපහු සෙට්වෙලා යම්කිසි විදියකට මට සිහිය ඇවිල්ලා තියෙන්නෙ.

හැබැයි මේ සියලුම දේ පිටිපස්සේ ඉන්නේ වෛද්‍යවරු.. ඒ ඔක්කොමටම මම සදා ණයගැති. ඒ වගේම මගේ ආදරණීය රසික රසිකාවියන් අපේ හමුදාෙව් ඉන්න රණවිරුවෝ ගොඩක් රණවිරුවෝ මට ලේ දුන්නා ජීවිතේ කවදාවත් මට අමතක කරන්න බෑ .ජයන්ත ධර්මදාසයන් කවදාක්වත් මං අමතක කරන්නේ නැ. මගේ ආදරණිය සහෝදර සහෝදරියන් මගේ අම්මා ,මගේ නංගී මගේ දියණිය විතරයි මට වෙච්ච දේ දැනගෙන හිටියෙ නැත්තෙ. කාවක්වත් මං අමතක කරන්නෙ නෑ. මම දික්කසාද වෙලා හිටියත් එදා මගේ දියණියගේ තාත්තා ඒයලාගෙ පවුලෙ අය කවදාක්වත් මං අමතක කරන්නේ නැහැ. ඒගොල්ලොත් මම වෙනුවෙන් සේවය කලා. මගේ ආදරණිය කලාකරුවෝ. අපිට කෙළෙහිගුණ මතක තියෙන්න ඕන. අපිට කෙළෙහිගුණ මතක තිබ්බෙ නැත්නම් අපිට ලස්සනට කවදාවත් ඉන්න බෑ .බුදුහාමුදුරුවොත් කියල තියෙන්නෙ කෙළෙහිගුණ මතක තිබ්බොත් තමයි මනුස්සයගේ ජීවිතේ ලස්සන වෙන්නේ. ඒ කියන්නේ අපේ රූපය ලස්සන වෙන්නේ, අපේ හම ලස්සන වෙන්නේ, අපේ හදවත ලස්සන වෙන්නේ අපි නිරෝගීව ඉන්නේ කියලා..

ඉතින් මට ඕකෙන් වැදගත් වෙන්නේ නිරෝගී සම්පත්තිය. ඉතින් මගේ ජීවිතයට මගේ සතපහකට හරි උදව් කරපු කිසිම කෙනෙක්ව මගේ ජීවිතෙන් මම අමතක කරන්නේ නැහැ. මම වඳින්න ගිය හැම වෙලේ කම් මම මතක් කරනවා. මට ඇවිල්ලා Nita Fernando මහත්මිය මම ආයෙ නැවත නවලෝක රෝහල ඉන්නකොට ඇවිල්ල මාව බදාගෙන ඇඩුවා. අඩලා ඉවරවෙලා ඇගේ ආගම විදියට ක්‍රිස්තියානි ආගම හැටියට ගොඩක් දේවල් මගේ කොට්ටෙ යට තියලා ගියා. ඒ වගේ මගේ කොට්ටෙ යට මේ රටේ ජනතාව තියන්න එක එක දේවල් ගෙනල්ලා දීලා තිබුණා. ඒ හැම එකක්ම මගේ කොට්ට උස වෙන්න මේ හැම දෙයක්ම තිබුණා. දෙවියන්ගෙ දේවල් ද ,බුදුන්ගේ දේවල්ද , jesus දේවල්ද මේ හැම එකටම අදටත් මම ගරු කරනවා. මම ළඟ ඒ සියලු දේ තියනවා මං වඳිනවා. මම වෙනුවෙන් ස්වාමීන් වහන්සේලා, fathers ලා ,පල්ලියේ අය මුස්ලිම් බැතිමතුන් සියලු දෙනාම මගෙ ලඟට ඇවිල්ල යාඥා කරා ,මට පිරිත් කිව්වා. ඒ වෙලාවෙදි මට පොඩි බයක් ආවා මං මැරෙන්නද හදන්නෙ. ඇයි මේ මගෙ ලඟට ඇවිල්ල මෙහෙම කරන්නේ කියලා මම හිතුවා. මම ඩොක්ටර්ගෙන් ඇහුවා ඩොක්ටර් මට කියන්නේ නැති දෙයක් තියෙනවද මං මැරෙනවා ද කියලා ලියලා ඇහුවා මට කතා කරන්න බැරි නිසා බට දාලා තිබුන නිසා. ඒගොල්ලො ඉල්ලුවා ඔයාට bless කරන්න ඕනේ කියලා ඒකයි අපි ඇතුලට දැම්මෙ. මුකුත් හිතන්න එපා එහෙම මොකුත් නෑ කියලා.. ඉතින් මාස තුනක් කාලයක් විතර සති හතරකට වැඩිය කෝම එහෙක හිටියා මම.. අද මම සතුටු වෙනවා මගේ ජීවිතේ නැවත මට ලැබිච්ච එකට.

මගේ දියණියගේ ජීවිතේ මට සම්පූර්ණ බාරයි. කවුරුත් මගේ දියණියව ජීවත් කරවන්න සත පහක් වත් දෙන්නේ නැහැ. දීලත් නැහැ. මට ඕනෙත් නැහැ. මගේ තනි මහන්සිය මේ හැම දෙයක්ම කරලා ඇයව වෛද්‍යවරිය වෙන තැනටම මම ගෙනල්ලා තියෙන්නේ. කිසිම කෙනෙක් මගේ දියණියට තියන අයිතියක් අපි කියමු උසාවියකින් දෙන්න තියෙන උසාවියෙන් නියම වෙනවානේ කෙනෙකුට වන්දියක්.. ඒකවත් මට කවදාක්වත් දීලත් නැහැ, හැබැයි වන්දියකට මගේ දරුවාව මං විකුණන්නෙත් නැහැ ඒ මගේ හැටි. එතකොට එහෙම වැඩක් නැහැ. මොකද දෙන්නෙක් ආදරේ කරලා, දෙන්නෙක් එකට ඉඳලා දෙන්නෙක් දරුවෙක් හැදුවනම් හැදුවට පස්සේ දඩයක්වත් වන්දියක්වත් ඉල්ල ඉල්ල යන්න මම කැමති නැහැ. හැබැයි සතුටෙන් වෙන් වෙච්ච අය ඉන්නවා තමන්ගේ දරුවෝ වෙනුවෙන් කැපවීමෙන් දරුවන් බලා ගන්නවා. ඒ දරුවන් වෙනුවෙන් ඔහු සලකනවා. යුතුකම් ඉටු කරනවා. ඉතින් එහෙම තත්ත්වයක් මට නැහැ. කවදාක්වත් මට ලැබුණෙත් නැහැ.

හැබැයි මට ඕනෙත් නැහැ. මම ගන්නෙත් නැහැ. ඒ මගේ හැටි .ඉතින් මම මේ අවස්ථාවේදී මම හැමවෙලේම දකින්නේ ජීවත්වෙන පරිසරය තුළ මම දැන් මේ ජීවත් වෙන මේ මොහොත මේ ගෙවන මොහොත උපරිම සතුටින් ඉන්න තමයි මං උත්සාහ කරන්නේ. නොලැබිච්ච දේවල් මට වැඩක් නැහැ. ලැබිච්ච දේ මොනාද චූටි දේ හරි මං ගොඩක් භුක්තිවිදින ගොඩක් ආදරේ කරන සතුටෙන් බිත්තර කට්ට වගේ හැම දෙයක්ම තියාගෙන ඉන්නවා.

ඔබේ දුව ඒක්ක ඔබ ගෙවන මේ ජීවිතයත් සමගින් තව අවුරුදු 10කින් ඔබ ඇයව දකින්න කැමති කොහොමද?

මගේ යුතුකම තමයි සමාජය හොඳ පුරවැසියෙක් කරලා මගේ දියණියම එළියට දාන ඒක. දැනට ඇය කොහොමද කියන එක මට පේනවා මං දැකලා ඉවරයි මගේ දියණියගෙන්. ඇයත් මාව දැකල තියෙන්නේ ඇත්තටම. ඉතින් මම හිතනවා මගේ මං මැරෙනකං මගේ හුස්ම ටික යනකන් දියණිය වෙනුවෙන් මම ඒ කැපවීම මම කරනවා. ඇය කවද හරි විවාහ වෙයි .එයාටත් අපි වගේ ජීවිත ලැබෙයි දරුමල්ලො ලැබේයි. තාම එය අවුරුදු 19 ක ළමයෙක්. හැබැයි මම හදලා තියෙන විදිය ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මම හැමවෙලේම දියණියට කිව්වේ මෙ මින්ස්සු ජීවිතේ ගොඩාක් වෙලාව ගත කරනවා තමන්ගේ ජංගම දුරකථනයෙන් සහ තව කෙනෙකුට බනින්න ෆේස්බුක් එකෙන් තව කෙනෙකුට අපහාස කරන්න,

මැසේජ් එකක් හරි ගහන්න පාවිච්චි කරනවා අත. ඉතින් මේකෙන් තමන්ට ලැබෙන විපාක මොකක්ද කියන එක තමන් නොදැනුවත්වයි මේක කරන්නේ. ඒක නිසා මම හැමවෙලේම ජීවත් වෙන්නේ ගෙදර එහෙම. ඒ පරිසරය මගේ දියණිය දැකලා තියනවා. ඒ නිසා මට විශ්වාසයි මගේ දේවලුත් බලාගෙන ඇගේ ලෝකයත් එක්ක ඇය ඉතාමත්ම හොඳ අධ්‍යාපනයක් ලබපු හොඳ මනසක් තියෙන උස් මනසක් තියෙන කෙනෙක් මගේ දියණිය.. ඉතින් ඇය ගැන මට ගොඩක් ආඩම්බරයි .ඇය නිසා මගේ ජීවිතේ අද ගොඩක් ලොකු තැනකට ඇවිත් තියෙනවා..

මොකද කාට හරි උදව් කරගෙන ජීවිතේ මට කෙනෙක්ට යම් කිසි දෙයක් ලබා දීලා පොඩි දෙකින් හරි මට උදව් කරලා මට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි මං ලබන ලොකුම සතුට. ඇය මගේ රංගන ජීවිතයට මගේ සැලෝන් එකේ වැඩ වලට ද හැම එකටම මට දෙන උදව්ව ලොකු දෙයක් මට. ඉතින් හැම දෙයක්ම අපි ජීවිතේ ලබාගත්ත හැම දෙයක්ම ලැබුන්නැති දේවල් පස්සේ ගිහිල්ලා අපිට වැරදිච්ච තැන් පස්සේ ගිහිල්ලා ඒ දවස හරි තත්පරය හරි නැති කර ගන්නවට ඊට වැඩිය ඊට වැඩිය දේවල් මේ ලෝකෙ ලබාගන්න පුලුවන් දේවල් ලබා ගන්න එක තමයි මම හිතන්නේ සාධාරණව ලබාගන්න පුලුවන් දේවල් තමයි වටින්නේ.

සාකච්ඡාව – කැලුම් විජේසූරිය
උපුටාගැනීම – https://www.youtube.com/watch?v=kLTPrmWwKT4

Nobody paid a penny to keep my daughter alive. I don't want to. I don't want compensation.
Nobody paid a penny to keep my daughter alive. I don’t want to. I don’t want compensation.

Back to top button