මම දැන් හැමතැනම යන්නේ බස් එකේ, ඒකත් මාරු හැබැයි-ජනප්‍රිය ප්‍රවීණ නළු නිරෝෂන් විජේසිංහ

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි නිරෝෂන් විජේසිංහ කියලා කියන්නේ. ඉතින් ඔහු මේ දිනවල බොනිකර තරු, ඇස්, ගගන පියවර, මීනු, නීල පබළු, අඳුන්ගිර, මාණික්කාවත වැනි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඒත් එක්කම ඔහු දැන් රංගන ශිල්පියෙක්ට අමතරව කවියෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් මේ දිනවල අතිශය කාර්යබහුල වෙලා ඉන්න ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් දැන් ඔහු ඉන්ධන ගැටලුවත් එක්ක බොහෝ වෙලාවට යන්නෙ බස් එකේලු. ඒ වගේම මේ වෙලාවෙ ඔහුගේ නිෂ්පාදන කණ්ඩායමට පුළුවන් හැටියට උදව් කරන්න ඕන කියලත් ඔහු කියනවා. ඉතින් උද්ධමනය කොච්චර වැඩි වුණත් ඒක ඔහුට ලැබෙන මුදලට එකතු වෙලා නැහැ කියලයි ඔහු කියන්නේ. ඒ වගේම නිෂ්පාදකවරුන්ටත් ඒ ප්‍රශ්නයම තියෙනවාලු. ඉතින් විකාශනය වන ටෙලි නාට්‍යයකට නාළිකා වලින් ගෙවන මුදල වැඩිවෙලා නැහැ කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒ නිසා මේ අර්බුදය ඇතුළෙ නාට්‍යයක් කරනව කියන්නෙ ඉතාම අපහසු දෙයක් කියලත් ඔහු කියනවා.

ඉතින් ඒ වගේම බස් එකේ ගමන මරු කියලත් ඔහු කියනවා. කොහොම නමුත් බස් එකේ ගිහිල්ල වගේම පයින් ගිහිල්ලත් ඔහුට හොඳට පුරුදුයිලු. ඉතින් ඒකෙ ඔහුට ලොකු වෙනසක් නැහැ කියලත් ඔහු කියනවා. නමුත් බස් එකේදි බොහෝ දෙනෙක් ඔහුව අඳුනගත්තොත් ඔහුගෙ නිදහස නැතිවෙනවාලු. හැබැයි මාස්ක් එකක් එහෙම දාල යන නිසාත් පාන්දරම යන නිසාත් ගොඩක් දෙනකුට ඔහුව අඳුනගන්න බැහැ කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔය අතර ඔහුව හඳුනාගෙන බොහොම ආදරෙන් කතාකරන අයත් ඉන්නවා කියලත් ඔහු කියනවා. ඉතින් ඇත්තටම අපේ රටේ පොදු ප්‍රවාහන සේවය යහපත් මට්ටමක තිබුණා නම් මිනිස්සුන්ට අත්‍යවශ්‍ය කාරණයකට හැරෙන්න පුද්ගලික වාහන භාවිතා කරන්න ඕන වෙන එකක් නැහැ කියලයි ඔහු කියන්නේ.
ඒ වගේම ආදායම කියන දේ අපේ රටේ සෑම කෙනකුටම බලපාල තියෙන ප්‍රශ්නයක් කියලත් ඔහු කියනවා. ඒ නිසා ඔහුටත් තියෙන වැඩ කරගන්න විදිහක් නැහැලු කල් යනවාලු. ඉතින් මෙතෙක් කාලයක් මිනිස්සු පක්ෂ පාට ඉස්සරහ හිටගත්තෙ වහල්ලු බවට පත්වෙලා කියලත් ඔහු කියනවා. ඉතින් දැන් අපි ඇත්ත ඉදිරියේ හිටගත්තේ නැත්නම් ඇත්ත හොයාගත්තේ නැත්තම් ඉස්සරහට දරුවන්ටත් රටක් නැතිවෙනවා වගේම කෙනෙකුට වෘත්තියක් කරගෙන ජීවත් වෙන්න පුළුවන් හෙටක් නැතිවෙනවා කියලත් ඔහු කියනවා.
ඉතින් ඒ වගේම ඔහු දැන් රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි කවියෙක් කියලත් කියනවා. ඉතින් ඔහු කවි පොතක් මේ වන විට එළිදක්වලා තියෙනවා වගේම දෙවැනි පොතේ වැඩකටයුතු මේ දිනවල කරගෙන යනවා කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහුගේ තිබුණ එකම බලාපොරොත්තුව තමයිලු මේ අවුරුද්දෙ කවි පොත එළිදක්වන එක. ඉතින් ඒ අතර චිත්‍රපටයක පිටපතක් ලියාගෙන යනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.
The post මම දැන් හැමතැනම යන්නේ බස් එකේ, ඒකත් මාරු හැබැයි-ජනප්‍රිය ප්‍රවීණ නළු නිරෝෂන් විජේසිංහ appeared first on FoxMedia.