මට තරහා ගිහින් කැමරා තියනවද බලන්නෙත් නැතුවම කිරි එක බිමට හැලුවා-නිරෝෂා තලගල

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියලා කියන්නේ. ඉතින් ඒ වගේම රංගනයට වගේම නර්තනයටත් ඇය ඉතාම දක්ෂයි. කොහොම නමුත් කාටත් ආදර්ශයක් සපයමින් කළා ජීවිතයයි පවුල් ජීවිතයයි සමබරව සාර්ථකව පවත්වාගෙන යන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් මේ දවස්වල බොනිකර තරු, දෙකඩ කඩ විකාශය වෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම කෝලම් කුට්ටම ටෙලි නාට්‍යටත් ඇය රංගන දායකත්වය ලබා දෙනවා කියලත් ඇය කියනවා. ඊට අමතරව අලුත් නාට්‍ය දෙක තුනකට සම්බන්ධ වුණාලු. ඒ වගේම ඇය වැඩිපුර කාලයක් යොදවන්නේ දැන් ටෙලි නාට්‍යවලටලු. ඉතින් ආර්ථිකය සාර්ථක කරගන්න එහෙම කරන්න සිදු වෙලා තියෙනවා අද අපේ රටේ තියෙන ප්‍රශ්න එක්ක.
ඉතින් ඒ වගේම අම්මා කෙනෙක් දරුවන් ළඟ ඉන්න ඕන වයසකලු ඇයගේ දුව ඉන්නේ. නමුත් රංගන කටයුතු නතර කරන්න බැහැ කියලත් ඇය කියනවා. ඒ නිසා ඇයගේ අම්මා වගේ ඇයගේ සැමියාගේ අම්මා දුවව බලා ගන්නවාලු. ඒ වගේම ඇයගේ බබාගේ නම ඕජී ඖරංජනා කියලයි ඇය කියන්නේ. දැන් දුවට වයස අවුරුදු තුන සම්පුර්ණ වුණා විතරයිලු. ඉස්සර නම් ය කොහේ හරි යද්දී දුව අඬනවාලු. හැබැයි දැන් අම්මා ඉක්මනින් එන්න කියනවාලු.
ඉතින් ඒ වගේම ඇයගේ රංගන ජීවිතයට උපරිමයෙන් නිදහස දුන්නු කෙනෙක් තමයිලු ඇයගේ සැමියා අසේල කියන්නේ. ඉතින් එයා නිසා තමයිලු ඇය රඟපාන්න කළා ක්ෂේත්‍රයට එන්නෙත්. ඉතින් ඒ වගේම එක දවසක් ප්‍රසංගයකට සම්බන්ධ වෙලා ගෙදර එද්දී ඇය රෑ කඩේකට ගියාලු තේ බොන්න. ඉතින් ඒ වෙලාවේ ඇය ඇනවුම් කරේ කිරි කෝපී එකක්ලු සීනී නැතුව. හැබැයි ඒ වුණාට ඇයට දුන්නේ සීනී දාලා කිරි කෝපී එකක් කියලයි ඇය කියනේ. ඉතින් ඇය ඒක දීලා කිව්වාලු මම ඉල්ලුවේ සීනී දාන්නේ නැතුව කියලා. ඉතින් ඊට පස්සේ වේටර් හතර වතාවක් එකම කිරි කෝපී එකට වතුර දාලා ගෙනත් දුන්නාලු. ඉතින් ඇය සල්ලී දීලා ගත්ත නිසා ඇයට තරහා ගිහින් කැමරා තියෙනවා ද කියලා බලන්නේ නැතුවම තේ එක බිමට හැලුවාලු. ඉතින් ඊට පස්සේ ඉක්මනින් එතැනින් ඉවත් වෙලා ගිය කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

The post මට තරහා ගිහින් කැමරා තියනවද බලන්නෙත් නැතුවම කිරි එක බිමට හැලුවා-නිරෝෂා තලගල appeared first on FoxMedia.