බෙල්ලන්විල පන්සලට ගිහින් මම ප්‍රාර්ථනා කලේ සල්මල පාට දුවෙක් හම්බවෙන්න කියලා – නිල්මිණී තෙන්නකෝන්

අපේ කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිල්මිනි තෙන්නකෝන් කියන්නේ. ඇය රංගනයෙන් දායක වුණ සිංහල සිනමා නිර්මාණ නිසා ඇය ප්‍රේක්ෂකයන් තුල ගොඩක් ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනවා. ඉතින් මේ වනවිට දුවත් එක්ක තනියම කාලය ගත කරන නිල්මිණිගේ මුලු ජීවිතයම තම දුව බවට පත් වෙලා තියෙන්නෙ. ඒ තරමට ඇය දුවට ආදරණීය මවක්.
ඉතින් තනියම මවක් දරුවෙක් රැක බලා ගන්නවා කියන්නේ හරි අමාරු දෙයක්. ඉතින් නිල්මිණී කියන්නෙත් ඒ අභියෝග ගණනාවකට මුහුණ දීලා අමාරුවෙන් දුවව හදාගත් අම්ම කෙනෙක්. ඒ වගේම ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දෙමින් කලා කටයුතු වලට සම්බන්ධ වෙලා තමයි ආදරණීය දුවව ඇය විසින් රැක බලා ගෙන තිබෙන්නේ.

දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ව්‍යාපාරිකාවක් වන නිල්මිණි මේ වනවිට ආදරණීය මව කියන භූමිකාව ලබා ගෙන වසර 20ක් වෙනවා. ඉතින් නිල්මිණිගේ අරමුණ වෙලා තිබුණේ තමන්ගේම කියලා නිවසක් තිබුණ කාලෙක දරුවෙක් හදනවා කියලා. ඉතින් ඒ විදියට විවාහවෙලා අවුරුදු හයකට පස්සෙ තමයි දරුවෙක් හදන්න තීරණය කලේ. ඉතින් ඇගේ කුසට දරුවෙක් පිලිසිදගෙන කියලා දැනගත්තම දැනුනු හැගීම ගැන ඇය සහභාගි වුණු යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූයේ මේ විදියටයි.
” එදා දැනුනු හැගීම මට කියාගන්න බැරි තරම් සතුටුයි. මට දරුවව සාමාන්‍ය විදියට තමයි බිහි කරන්න ඕන වුනේ. මම ඒ කාලේ හැම වෙලේම බෙල්ලන්විල පන්සලට ගිහින් මල් පහන් පූජා කරනවා. මම ප්‍රාර්ථනා කලේ දුවෙක්ව ඒ කාලේ ඉදලා. මම සල්මලට හරි ආසයි. ඉතින් සල්මල පාට දුවෙක් හම්බවෙන්න කියලා.’’
ඉතින් මේ විදියට තමයි ඇය සදහන් කරලා තිබුණේ. ඉතින් අපූරූ මව් පදවිය ලබපු ඒ සුන්දර අත්දැකීම ගැන අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇයගේත් දුවගේත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්නට කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

The post බෙල්ලන්විල පන්සලට ගිහින් මම ප්‍රාර්ථනා කලේ සල්මල පාට දුවෙක් හම්බවෙන්න කියලා – නිල්මිණී තෙන්නකෝන් appeared first on FoxMedia.