ගොසිප් පුවත්

මැයි 09 සිදුවීම: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට ඉල්ලීමක්

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් තවත් 258 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා.

මෙම සිදුවීම් මාලාවට අදාළව සමස්ත සැකකරුවන් 664 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

මේ අතර නීතිපතිවරයා විසින් ඊයේ සිදුකළ දැනුම්දීම අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට කථානායකවරයාගේ අනුමැතිය ඉල්ලා ඇති බවද නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)

Viber

The post මැයි 09 සිදුවීම: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට ඉල්ලීමක් appeared first on Colombo Times.

Back to top button