විදෙස් පුවත්

අමෙරිකානු නව ජනපති දිවුරුම් දීම අද

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් අද (20) දිවුරුම්දීමට නියමිතව තිබේ.

එමෙන්ම එරට පළමු කාන්තා උප ජනාධිපතිවරිය ලෙස කමලා හැරිස් ද අද දිනයේ දිවුරුම්දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා අවසන් වු අමෙරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජෝ බයිඩ්න් ජයගනු ලැබීය.

කෙසේවෙතත් මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල දූෂිත බවට පවසමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කළේය.

පැවති තත්ත්වය හමුවේ පාක්ෂිකයින් අතර ගැටුම් හටගත් අතර ඒ හේතුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු ද මියගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button