දේශීය පුවත්
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සඳහා කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා පත්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පත්කළ පංච පුද්ගල විද්වත් කමිටුවේ නිර්දේශයන්ට අනුව එම පත්කිරීම කර ඇති බවය.
මීට පෙර වෛද්‍ය සභාවේ සභාපති ධුරයේ කටයුතු කළ මහාචාර්ය හරින්ද්‍ර සිල්වා මහතා ඇතුළු සාමාජිකයින් ඉන් ඉවත්කිරීමට එම විද්වත් කමිටුව විසින් නිර්දේශ කර තිබූ බව වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.