කොවිඩ් වෛරසයට එරෙහිව Nasal Spray එකක්

ලොව පුරා කොවිඩ් වසංගතය පැතිර ගොස් ඇත්තේ සීඝ්‍රයෙනි. මියගොස් ඇති පිරිස ලක්ෂ 14කට අධිකය.
මේ වනවිට කොවිඩ් වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීමට ලොව ප්‍රබල ඖෂධ නිෂ්පාදන සමාගම් අතර ඇත්තේ දැඩි තරඟයකි.

එවැනි පසුබිමක, කොවිඩ් වෛරසය නැසිය හැකි “නාසයට ඉසිය හැකි දියරයක් – Nasal Spray” නිපදවීමට ඔස්ට්‍රියානු විද්‍යාඥයින් කණ්ඩායමක් මේ වනවිට අත්හදාබලමින් සිටී.
එම ඖෂධ දියරයේ ප්‍රධාන අරමුණ කොවිඩ් මර්ධන කටයුතුවල යෙදී සිටින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවක පිරිස් බේරාගැනීමයි.
එරට පරීක්ෂණ මට්ටමේ පවතින ප්‍රථම කොවිඩ් රෝග නිවාරණ ප්‍රතිකාරය වන මෙම ඖෂධ දියරය පුද්ගලයින් 334 දෙනෙක් යොදාගෙන වියානා නගරයේ ස්ථාන දෙකකදී සායනික අත්හදාබැලීම් කිරීමට නියමිතය.
ඔස්ට්‍රියාවේ ප්‍රමුඛ ඖෂධ සමාගමක් වන මැරිනොමෙඩ් බයෝටෙක් සමාගම විසින් මෙම අත්හදාබැලීම් සිදුකෙරේ.
මේ අතර, අන්නාසි යොදාගෙන කොවිඩ් වෛරසය විනාශ කළ හැකි ඖෂධ දියරයක් නිපදවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් කණ්ඩායමක් පසුගිය අගෝස්තු මාසයේ සිට පරීක්ෂණ පවත්වයි.