දේශීය පුවත්

නෞකාවේ තෙල් කාන්දුවක් ගැන බ්‍රිතාන්‍ය SKY රූපවාහිනී වාර්තා ඇමති නාලක ප්‍රතික්ෂේප කරයි

ගිනි ගැනීමට ලක්ව මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සමුද්‍රයට තෙල් කාන්දුවක් සිදුව
ඇති බවට චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින් බ්‍රිතාන්‍ය ස්කයි නිවුස් රූපවාහිනී නාලිකාව සිය මාධ්‍ය ඔස්සේ ඊයේ අනතුරු ඇඟවීම් වාර්තා කළ අතර ඒ ගැන ආන්දෝලනාත්මක ආරංචි විවිධ මාධ්‍ය ඔස්සේ පැතිරයාමෙන් පැය ගණනාවකට පසු

අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම වාර්තා අසත්‍ය බව කියා සිටියේය.
එසේම නාරා ආයතනය දේශීය මාධ්‍ය වෙත දන්වා සිටියේ නැව ආසන්නයේ මේ වනවිටත් තවත් නෞකා 5 ක් පමණ ගමන් කරමින් සිටින බවත් ඔවුන් සමග කළ සන්නිවේදනයන් මගින්ද තෙල් කාන්දුවක් ගැන ආරංචි නැති බවයි.

මෙලෙස නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන්නේ නම් එය විශාල අනතුරක පෙරනිමිත්තක් වන අතර දිගු කාලයක් යනතුරු පරිසරයට හා අදාළ කලාපයට සිදුවිය හැකි අයහපත අපරිමිතය.

ස්කයි නිවුස් පුවත් සේවය චන්ද්‍රිකා ඡායාරූප මගින් මුහුදු වතුරට විශාල තෙල් කාන්දුවක් මිශ්‍ර වී ඇති අයුරු පැල්ලමක් ලෙස පෙන්නුම් කර ඇත. ප්‍රවෘත්ති වාර්තාව නිවරදි නැතැයි එම නෞකාව අසල නැංගුරම් ලා ඇති ශ්‍රී ලංකා නාවික
හමුදාව සහ ඉන්දියානු වෙරළාරක්ෂක භටයින් තමාට තහවුරු කර ඇතැයි අමාත්‍ය නාලක ගොඩහේවා
මහතාගේ ට්විටර් පණිවුඩයේ දැක්වේ. විදෙස් නාලිකාව නිකුත් කර ඇති ඡායාරූපය නොමඟයවන සුළු විය හැකි බවද ඔහු පවසා ඇත.

Back to top button