Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
දේශීය පුවත්

ආවාස ගේ ඇතුළතදී සිරුර හමුවූ කැකුණදුර හිමිනමගේ අභිරහස් මරණය

පුත්තලම , කොට්ටුකච්චිය උස්බිම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ වැඩසිටි විහාරවාසි හිමිනම හදිසියේ ආචාස ගෙය තුළ අපවත්ව සිටියදී ඉකුත් 29 වැනිදා හමුවී ඇතැයි පුත්තලම පොලිසිය කියයි. මෙසේ අපවත් වී ඇත්තේ කැකුණදුර ධම්මරන්න නැමති වයස අවුරුදු 63ක හිමිනමක බව කියයි. මෙම භික්ෂුව වසර දෙකකට ආසන්න කාලයක් විහාරස්ථානයේ වැඩ වාසය කරමින් ඇති බවත් දායකයෝ පවසති.

ඉකුත් 29 වැනිදා උදේ හා දහවල් දානය රැගෙන ගිය දායකයන් විහාරස්ථානයේ මුළුතැන්ගෙය ආසන්නයේ තබා ගොස් ඇති බවත් විහාරවාසි හිමියන් පිළිබඳව නිසි සොයා බැලීමක් සිදුකර නැති බවත් කියයි.

එහෙත් ඉකුත් 29 වැනිදා සවස ගිලන් පස රැගෙන ආ පිරිසක් හිමියන් පිළිබඳව විපරම් කර බලද්දී ආවාස ගෙය තුළ ඇද වැටි සිටිනු දැක ගම්වාසීන්ට දන්වා ඇත. පසුව පුත්තලම පොලිසිය පැමිණ මරණය සම්බන්ධ පරික්ෂණ ආරම්භ කර තිබිණි. ඒ සමගම පොලිස් අපරාධ ස්ථානීය නිලධාරිහු ද පැමිණ පරික්ෂණ ඇරඹූහ. ආවාස ගෙය තුළ මරණයට පත්ව සිටි හිමියන්ගේ මරණ පරික්ෂණය පුත්තලම හදිසි මරණ පරික්ෂක නන්දන විමලවීර මහතා විසින් පවත්වනු ලැබූ අතර දේහය පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරිමටත් එහි ජෛව පටල පරික්ෂණයක් ද පැවැත්වීමට කටයුතු කිරිමට පොලිසියට උපදෙස් ලබා දී තිබිණි. මෙම හිමිනම අධික සෙම් රෝග හා හෘද රෝග සඳහා නිරන්තරයෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවට පොලිස් පරික්ෂණවලදී සනාථ වී තිබේ.

-හිරාන් ප්‍රියකර ජයසිංහ –

admin

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

1 week ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

1 month ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

1 month ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

1 month ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

2 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

2 months ago