දේශීය පුවත්

සභාපතිගේ අණින් ගැසූ වාරියපොළ ප්‍රාදේශීය සභාවේ මරණ දැන්වීමට කොල්ලුරේ වෙනුවට මුසාමිල්

වයඹ පළාතේ ආණ්ඩුකාර ධූරය හෙබවූයේ මෙරට කොමියුනිස්ට් දේශපාලනයේ පරිනත පතාක යෝධයකු වූ රාජා කොල්ලුරේ මහතායි.

ලෝ පුරා පැතිර ගිය හෝ කොවිඩ් 19 මාරක වසංගතයෙන් ගැලවෙන්නට මේ පරිණත දේශපාලනඥයාටත් හැකිවුනේ නැහැ. හරියටම මීට සතියකට පෙර කොවිඩ්-19 වැළදීම හේතුවෙන් ගිලන් වූ ඔහු රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා කොතලාවල ආරක්ෂක පිීඨ රෝහලට ඇතුළත් කෙරුණා.

AV Rase

එහි දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලැබූ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද උදෑසන සිය දිවි ගමනට නැවතීමේ තිත තැබුවා.

මොහුගේ මේ වියෝවත් සමග වයඹ පළාත පුරා ප්රාදේශීය සභා නගර සභා ආදියෙහි සිය ආණ්ඩුකාරවරයාගේ වියෝව සම්බන්ධයෙන් පළ කරන දැන්වීම් ප්රදර්ශනයට පියවර ගැණුනා.

මේ වාරියපොල ප්රාදේශිය සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා සහ මන්ත්රි මණ්ඩලය එක්ව රාජා කොල්ලුරේ මහතාගේ වියෝව සම්බන්ධයෙන් ප්රදර්ශනය කර තිබු දැන්වීමයි.

මෙහි විශ්මයට කරුණ වන්නේ මෙම ප්රාදේශීය සභාවේ එකදු සාමාජිකයෙකු හෝ සිය බල ප්රදේශයට අයත් ආණ්ඩුකාරවරයාගේ රුව කෙසේ වෙතත් ඡායාරූපය වත් දැක නොමැති ද යන්නයි.

මෙම දැන්වීමේ රාජා කොල්ලුරේ ගේ ඡායාරූපය වෙනුවට ඔවුන් ප්රදර්ශනය කර ඇත්තේ වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු මෙන්ම හිටපු කොළඹ පුරපති වරයකුද වන මොහොමඩ් මුසාමිල් ගේ ඡායාරූපයයි.

අවම තරමින් සිය ආණ්ඩුකාරවරයාට ශෝකය පළ කිරීමට ප්රදර්ශනය කරන දැන්වීමක් හරිහැටි කළමනාකරණය කරගත නොහැකි ප්රාදේශීය සභාවකින් එතැනින් එහාට දෙයක් බලාපොරොත්තු විය හැකිද?

Back to top button