Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
අරුම පුදුම

ලොව හොඳම දීර්ඝායුෂ ශාක පත්‍රය වන මුරුංගා කොළ

දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නො දන්නා කෙනෙක් නෑ.
ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති.ඉස්සන්ගෙ කකුළුවන්ගෙ සැර මැකෙන්න අහුරක් දානවා ඇර ,ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කරගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.පසුගියදා මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කංඩායමක් භොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි.වසර 4000 ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා.කැල්සියම් පොටෑසියම් කැරොටීන් විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථවලිනුත්, ප්‍රතිඔක්සිකාරකවලිනුත් මුරුංගා කොළ පොහොසත්.අපේ අනිකුත් පෝෂ්‍යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූවිට හෙළිවූ කරුණු ඔබ අදහයිද මන්දා.

  • යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
  • කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ.
  • කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්
  • කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්
  • දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් සී.

විශ්වාස ද ? .. මේ පර්යේෂණ කංඩායම හොයාගත් දේ.නිවිති වලට වඩා විස්පස් ගුණයක යකඩ!බිත්තර වලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන්! කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80 ක ගුණ! අදහන්නත් බැරි අපූරු කතා නේද ? කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ , සැබැවින්ම සෞඛ්‍ය වාසි රැසක් අත්කර දෙන සුපිරි බහුකාර්‍ය ආහාරයක්. ප්‍රතිශක්ති වර්ධක ගුණැති එය ප්‍රදාහනාශක ගුණයෙන් යුක්තයි. ඇස් පෙනීම වර්ධනය කර දෙනවා. ගැබිණි මවුවරුන්ට හා දරුවන්ට අවශ්‍ය පෝෂණය ලබාදෙනවා .එය මුලින්ම ළදරුවන්ට ඝන ආහාරලබා දීමේදී එකතු කළ යුතු සුවිශේෂ ආහාරයක් සේ නම් කෙරෙන්නක්. මුරුංගා කොළ පිළිකා නාශකයක්ලෙසත් ක්‍රියාත්මක වෙනවා.
උදරයේ ගැස්ට්රයිටීස් තුවාලවලින් සැදෙන පිළිකා, සමේ මෙලනින් ඇතිකරන සෛලවල පිළිකා, මෙන්ම අක්මා හා පෙණහළු පිළිකාවලටද ඉන් වැට බැඳෙනවා. එසේම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කිරීමට එය උපකාරී වෙනවා.

අස්ථි හා දත් ශක්තිමත් කරනවා. එමගින් වියපත්වනවිට ඇතිවිය හැකි ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වාලනවා. ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියා කාරිත්වයට සහායවන අතර සිරුරේ, බරත් පාලනය කර දෙනවා. එය නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතාද සපුරන්නක්. යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සමත් නිරෝගිකර දෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් රැලි ද මකාලනවා. එමගින් වයසින් ආපස්සට යන පෙනුමක් ලබා දෙනවා. එපමණක් නොවෙයි. මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කර දෙන්නක්.
මුරුංගා කොළ මැල්ලුමක්, වෑංජනයක්, බැදුමක් සේ ආහාරයට ගත හැකියි. අමු කොළ යුෂත් පානය කළ හැකියි. කොළ මඳ පවනේ වියළා කුඩුකර තේ පානයක් සේද සකසාගත හැකියි. කොළ කුඩු දිනපතා ආභාරයට දින 90ක් යොදගත් විට විස්මිත පල ලැබුණු බව කංඩායම පවසනවා එමගින් ලැබුණු පලදායිත්වයේ ප්‍රතිඑල ඔවුන් ප්‍රතිශත ලෙස මෙසේ ඉදිරිපත් කළා

  • රුධිර වාහිනී 55%
  • අත්මාව 65%
  • වකුගඩු 54%
  • මොළය 34%

ඉතින් මේ තොරතුරුවලින් අප වටහාගත යුත්තේ වඩා වඩාත් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරික මානසික සුවය මනාව රැකගත හැකි බව නොවේද?

News Writer

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

4 days ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

1 month ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

1 month ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

1 month ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

2 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

2 months ago