නෞකාව අනතුරට පත්වීමේ සිද්ධියෙන් පසු ගොඩ ගැසූ කැස්බෑ සිරුරු ගණන 100 ඉක්මවයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට පත්ව ඊයේ වන විට මසකුත් දින 05ක් ගත වී තිබෙනවා.ඉන් මෙරට සාගර කලාපයට, සාගර ජීවින්ටම මෙන්ම සුන්දර වෙරළ තීරයට ද දැඩි හානියක් සිදු වුණා.

නෞකාව අනතුරට පත්වීමේ සිද්ධියෙන් අනතුරුව දිවයිනේ ස්ථාන රැසක වෙරළ තීරයන්ට මියගිය මුහුදු සත්ත්වයින්ගේ සිරුරු ගොඩගැසී තිබෙනු දක්නට ලැබුණා.මේ වනවිට හමු වී ඇති කැස්බෑ සිරුරු සංඛ්‍යාව 100 අධික බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේද වෙන්නප්පුව, වයික්කාල මුහුදු තීරයට කැස්බෑ මළ සිරුරක් ගොඩ ගසා තිබුණා.හලාවත හා වයික්කාල ආශ්‍රිත ප්‍රදේශවල වෙරළ තීරයන්ට කසළ කොටස් ද අද ගොඩගසා තිබෙන අයුරු දක්නට ලැබුණා.කෙසේ වෙතත් තවමත් අදාළ සත්ත්වයන් මිය යාම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තා වල ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නැහැ. 

Exit mobile version