මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම පොදු 2 නාට්‍යයේ දුෂී විදියට අපි අතරට එන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා. ඉතින් ඇය කා එක්කවත් සුහදව වැඩ කටයුතු කරන සමබර ගමනක් යන්න හදන කෙනෙක්. ඉතින් ඒ වගේම ‘රේස්’ නාට්‍යයේත් ඇය දක්ෂ රංගනයක යෙදෙනවා අපි දකිනවා.

ඉතින් රගපෑම් කටයුතු වලට අමතරව සමාජ සේවා කටයුතු වලත් නිරත වන ඇය පවුල් 200කට හාල් කිලෝ බහ බැගින් බෙදලා දීලා මිනිසුන්ට සහයෝගය ලබා දෙනවා. ඉතින් ඒ වගේ සමාජ සත්කාර කරන මිෂෙල් දිලහාරා මෙවැනි සමාජ මෙහෙවරයන් ඉටු කරන්නේ ඇගේ කලා ගමනට ඇය වටා ඉන්න පිරිසට පුලුවන් උපරිමයෙන් කරන උදව්වක් විදියටයි.

ඉතින් ඇගේ ප්‍රධාන වෘත්තීය විදියට රංගන ක්ශේෂ්ත්‍රය තෝරා ගත් ඔහු ඇගේම පොතක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඇය මේ වනවිට ක්‍රීඩා වලටත් මුල් තැන ලබා දෙමින් ක්‍රීඩා වැඩ කරන කෙනෙක්. ඇය කරාතේ පළමු පටි ශ්‍රේණියේ ඉන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි පිහිනීම ටෙනිස් ක්‍රීඩා කිරීමත් ඇය කරනවා. ඉතින් ඇගේ අදහස් ඇය පුවත් පතක් සමගින් අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මට රහට උයන්නත් පුලුවන්. මම දහය වසරෙදි තමයි උයන්න පුරුදු වුණේ. අම්මට උදව් කරලා ඊට පස්සෙ පුරුදු වුණා තනියම උයන්න. මම හදන කෑම රහයි කියලා ගෙදර අය කියනවා. මම මෙහෙම සමාජ සත්කාර කරන්නේ දේශපාලනයට එන්න නෙමෙයි. කලාව තුල මමත් එක්ක ගමනක් යන්න උදව් කරන්නෙ එයාලනේ. ඉතින් මම ඒ අයට ප්‍රති උපකාර දක්වන්න ඕනනේ. ‘’

මේ විදියට තමයි මිෂෙල් දිල්හාරා අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල ඒ විදියටම සාර්ථක වෙන්න කියා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

The post මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා appeared first on FoxMedia.

Exit mobile version