Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
Megan wants to see new granddaughter - Harry wants to make peace together - Father Thomas Markle
මේගන් මාක්ල්ගේ පියා තෝමස් මාක්ල් තම වෙන්වූ දියණිය සහ ඇගේ ස්වාමිපුරුෂයා වන හැරී කුමරු සමඟ සමාදාන වීමටත් ඔවුන්ගේ අලුත උපන් දියණිය වන ලිලිබෙට් “ලිලී” මවුන්ට්බැටන්-වින්ඩ්සර් ඇතුළු දරුවන් දෙදෙනාම හමුවීමටත් බලාපොරොත්තුව පළ කර තිබේ.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ඇපල් ටීවී + සඳහා ඔපෙරා වින්ෆ්‍රෙ නිවේදිකාව සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීය. පැයක පමණ කාලයක් සිදු කළ නව සම්මුඛ සාකච්ඡාවේදී, 76 හැවිරිදි තෝමස් තම පවුලේ ආරවුල සම්බන්ධයෙන් යුවළගෙන් සමාව අයැද සිටි අතර, මාර්තු මාසයේදී මෙගන් හැරී යුවළ සමග ඔපෙරා වින්ෆ්‍රෙ පැවැත්වූ සාකච්ඡාව හා සමානව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිදරව් කර තිබේ. තෝමස් සාකච්ඡාව අතරතුර ඔපෙරා වින්ෆ්‍රෙ නිවේදිකාවද විවේචනය කළ අතර ඔහු පැවසුවේ ප්‍රෙක්ෂක අවධානය පිණිස තම දියණිය හා බෑණාව විකුණා කන්නට ඔපෙරා කටයුතු කර ඇති බවයි.
කෙසේ වෙතත් මේ සාකච්ඡා දෙකම රාජකීය පවුලට දැවැන්ත මහජන අර්බුදයක් ඇති කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගැබිනි මේගන් සහ හැරී පෙර සාකච්ඡාවේදී රාජාණ්ඩුව විවේචනය කර තිබුණි. එහිදී ඔවුන් ඔප්රාට පැවසුවේ අවුරුදු 2 ක පුතෙකු වන ආචී හැරිසන් සඳහා ළදරු සහෝදරියක් බලාපොරොත්තු වන බවයි. මෙගන්ගේ දියණිය ලිලී මේ මස මුල දකුණු කැලිෆෝනියාවේ උපත ලැබුවේ මෙක්සිකෝවේ තෝමස්ගේ බීච් ෆ්රන්ට් නිවසේ සිට පැය පහකටත් අඩු දුරකිනි.
නමුත් සීයාට මිණිපිරිය බලන්නට ආරාධනයක් නොතිබිණි.
ජුනි 13 වන ඉරිදා ඕස්ට්‍රේලියානු රූපවාහිනී වැඩසටහනක් වන ‘මිනිත්තු 60’ සමඟ සම්මුඛ සාකච්ඡාවකදී තෝමස් තම මිණිබිරියගේ උපත ගැන දැනගත් ආකාරය හෙළි කළේය.
76 හැවිරිදි විශ්‍රාමික හොලිවුඩ් ආලෝකකරණ අධ්‍යක්ෂකවරයකු වන තෝමස් කිව්වේ “දුව මට මේ ගැන කිව්වෙ නැහැ. මම එය ගුවන් විදුලියෙන් අසා දැනගත්තෙමි.” ලෙසිනි.
ඔහු මුලින් ඕප්රා වින්ෆ්‍රෙ විවේචනය කළේද මෙම සාකච්ඡාවේදීය.
“මම ඕප්රා සඳහා මගේ දුරකථන අංකය සහ විද්‍යුත් තැපෑල සමඟ ලිපියක් තැබූවා“ මගේ කතාව කියන්න මට අවස්ථාවක් දෙන්න ”යැයි ඔහු එම වැඩසටහනට පැවසීය.
එයට ප්‍රතිචාර ලෙස ඔප්රා ඔහුව කැඳවා සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවාය.
2018 රාජකීය විවාහ මංගල්‍යයට දින දෙකකට පෙර සිට මේගන් හෝ හැරී සමඟ කතා නොකළ බවත්, විවාහයට පෙර ටැබ්ලොයිඩ් පත්තර නිකුත් කළ පැපරාසි ඡායාරූප සඳහා පෙනී සිටිමින් මතභේදයට තුඩු දුන් බවත් ඔහු නැවත අවධාරණය කළේය.
‘මං මෙගන්ගෙ දොරකඩට ගිහින් පල්වෙන්න කැමති නැහැ. ඒත් ජූලි 18, මට වයස අවුරුදු 77 යි. අපේ මාකල් පරම්පරාවේ බොහෝ මිනිසුන් 80 ට වඩා වැඩිය ජීවත් වෙන්නෙ නැහැ. එබැවින් මගේ මුණුබුරන් කවදාවත් දැක නැති මට හොඳ අවස්ථාවක් ඒවි යයි සිතනවා. මම අනුකම්පාව සොයන්නේ නැහැ ඒත් මම කියන්නේ ඒක ඕන කෙනෙකුට සාධාරණ යථාර්ථයක් කියලයි. ‘
මෙගන් හෝ හැරී තවම මෙම කතාවට ප්‍රතිචාර දක්වා නැත.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…