ගොසිප් පුවත්

මැක්ඩොනල්ඩ්ස් මෙතෙක් සිටි රටකින් සදහටම නික්මෙයි

මැක්ඩොනල්ඩ්ස් අමරිකානු අවන්හල් ජාලය ස්ථිර ලෙසම රුසියාවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමින්.

ඒ අනුව එහි ක්‍රියාත්මක සිය අවන්හල් අලෙවි කිරීමටයි සමාගම තීරණක් ගෙන තිබෙනවා.

මෙහි මුල් පියවරක් ලෙස රුසියාව පුරා විහිදී තිබූ 850 කට ආසන්න මැක්ඩොනල්ඩ්ස් අවන්හල් පසුගිය මාර්තු මාසයේ තාවකාලිකව වසා දමනු ලැබුවා.

මැක්ඩොනල්ඩ්ස් අවන්හලක් ප්‍රථම වරට මොස්කව් නුවර 1990 වසරේ විවෘත කෙරුණා.

ඒ අමරිකාව සහ සෝවියට් දේශය අතර පැවති නිරවි යුද්ධයේ උණුසුම අවසන් කිරීමේ සළකුණක් ලෙසයි.

කෙසේවෙතත් ආහාර සඳහා ප්‍රවේශය සපයමින් දහස් සංඛ්‍යාත සාමාන්‍ය රුසියානුවන්ට රැකියා ලබාදීම නිවැරදි කරුණක් වුවත්, යුක්රේන යුද්ධය මඟින් ඇති කර තිබෙන මානුෂිය අර්බුදය නොසළකා හැරිය නොහැකි බවයි සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් මැක්ඩොනල්ඩ්ස් ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස් කෙම්ප්චින්ස්කි ප්‍රකාශ ක ඈත්තේ.
(colombotimes.lk)

Viber

The post මැක්ඩොනල්ඩ්ස් මෙතෙක් සිටි රටකින් සදහටම නික්මෙයි appeared first on Colombo Times.

Back to top button