ක්‍රීඩා පුවත්

20යි 20 කණ්ඩායමේ නායකත්වය මැතිව්ස්ට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ.සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ පිළිබඳව නිවේදනය කර ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක මීට පෙර නම්කර තිබුණද ඔහුගේ ගුවන්ගමන් බලපත්‍රයේ දෝෂයක් හේතුවෙන් එම සංචාරය සඳහා ඔහුට සහභාගී වීමට නොහැකි විය.කෙසේවෙතත් දසුන් ශානක ඉදිරි දින කිහිපය තුළ බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.දෙරට අතර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන මස 04 වන දින පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.

Back to top button