
කොවිඩ්19 හදුනා ගැනීමට සිදු කරන පරීක්ෂණ වලින් පසුව තම ආයතනයේ සේවකයන් කීපදෙනෙකුද ධනාත්මක බව වාර්ථා වූ බව MAS holdings විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් සමාගම කියා සිටියේ රෝගීන් මෑතකදී හඳුනාගත් මිනුවන්ගොඩ පොකුරට ආශ්‍රිත ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති බවයි. ඔවුන් දැනට ප්‍රතිකාර සදහා රජයේ රෝහල්වලට ඇතුළත් කර ඇති බව එම වාර්තාවේ දැක්වේ.
