‘මහාචාර්ය සුනිල්‘ ලෙස ව්‍යාජව අමතා නිළියක සමග ‘ෆෝන් සෙක්ස්‘ කළ පුද්ගලයා රිමාන්ඩ්

සුනිල් ආරියරත්න බව පවසමින් අමතා අන් අය රවටමින් අයථා වැඩ සිදුකරන ව්‍යාජ පුද්ගලයෙකු සිටින බවට මීට ඉහත මහාචාර්ය සුනිල් ආරියරත්න මාධ්‍ය ඔස්සේ දැනුවත් කර තිබූ අතර එකී පුද්ගලයා අතටම හසුකරගැනීමට පොලිසිය සමත්ව තිබේ. මාධ්‍ය තුළින් මේ කරුණු හෙළිවී තිබියදීත් පහත් පෙළේ කටයුතු දිගටම කරගෙන ගිය මෙම පුද්ගලයා මෑතකදී ප්‍රකට නිළියකට ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ තමන් සුනිල් ආරියරත්න බවත් තමා නිර්මාණය කරන අලුත්ම වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපටයේ රඟපෑමට එම නිළිය තෝරාගෙන ඇති බවත්ය. රුපියල් මිලියන 2ක් රඟපෑම වෙනුවෙන් ගෙවන්නට සූදානම් බවද පවසා ඇත.නිළිය එයට එකඟවූ පසු ඇය හා වඩාත් කුළුපගව කතාබහ ඇරඹූ මෙම ව්‍යාජ පුද්ගලයා

චිත්‍රපටයේදී සිදු කරන්නට නියමිත චරිතය විස්තර කරන්නදැයි ඇගෙන් අසා ලිංගික ජවනිකා සහිත කොටස් හා එම දෙබස් ඇය සමග කතාකරමින් පහත් පෙළේ රසවින්දනයක් ලබමින් සිට ඇත. ඔයාට චිත්‍රපටියෙදි මෙහෙම කරන්න පුළුවන්ද අරහෙම කරන්න පුළුවන්ද ඒ විදිහට කළොත් ලැජ්ජයිද ආදී ලෙස කතාකර ඇත්තේ නිළිය අන්ද මන්ද කරමිනි.
මෙතරම් නොහික්මුණ ලෙස කතාකරමින් සිටින්නේ ඇත්තටම මහාචාර්ය සුනිල් ආරියරත්නද යන්න අනතුරුව නිළියට සැකයක් පැනනැගී ඇත්තේ අදාළ පුද්ගලයා සිනහවෙමින් කොඳුරමින් ලිංගික ජවනිකා රසවත්ව විස්තර කරන අශ්ලීල ආකාරය නිසාය.

sunil ariyarathna

ඇමතුම අවසන්වීමෙන් අනතුරුව මහාචාර්ය සුනිල්ගේ නිවැරදි අංකය සොයාගත් නිළිය ඔහු අමතා මෙවැනි ඇමතුමක් දුන්නේ ඔබතුමන්දැයි විමසා එසේ නොමැති බව දැනගෙන ඇත. එම අවස්ථාවේ නිළියට සත්‍ය අවබෝධවී ඇති අතර ඇය ව්‍යාජ ඇමතුමකට රැවටුණ බව වැටහී ඇත. මෙම පුද්ගලයා සංවිධානාත්මක ලෙස මෙම අකටයුත්ත දිගින් දිගටම සිදුකරන අයෙකු බව මහාචාර්යවරයාගෙන් දැනගත් පසු නිළියට ඔහුට පාඩමක් ඉගැන්විය යුතු බව වැටහී ඇත. මේ සම්බන්ධයෙන් ඇය පොලිසියට පැමිණීලි කරන්නේ ඉන් අනතුරුවය.

පැමිණිලි කිරීමෙන් පසුව මෙම පුද්ගලයාගේ දුරකථන අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටිමින් චිත්‍රපටයකට ආරාධනා කොට මෙම නිළියට රුපියල් මිලියන 2ක් ගෙවන බව පවසා ලිංගික දර්ශන සම්බන්ධයෙන් කතා කළ පුද්ගලයා වත්තෝරු තන්ත්‍රීගේ රවීන්ද්‍ර නමින් හැදින්වෙන 47 හැවිරිදි අයෙකු බව හඳුනාගෙන තිබෙන අතර ඔහු කලා ක්ෂේතයට යම්තමින් සම්බන්ධ බවත් එක්තරා චිතපටයක සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති අයෙකු බවත් පසුව අනාවරණය විය.

fake caller

ඔහු අත්අඩංගුවට ගත් පසුව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාද පොලිසියට පැමිණ සැකකරු නිරීක්ෂණය කර තිබේ.
‘මම හොඳින්ම දන්නවා සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කවින්ද්‍යටත් කතා කරලා. ඒ අතරේ සුලෝචනා විරසිංහ, දුලානි අනුරාධා, පියුම් බොතේජු, ගංගු රොෂානා, මාදනී මල්වත්ත වගේ විශාල පිරිසකට කතා කළා. මේ විදිහට මානසික ලෙඩා විශාල හානියක් කරා.
කාලයක් ඔහු කතා කරන්නේ ෆොටෝ ෂූට් කරන ඡායාරූප ශිල්පීන්ට, මොඩ්ලින් කරන තරුණියන්ගේ පින්තූර ගන්න . ඒ වගේම තවත් අමුතු මානසිකත්වයක් මේ මානසික ලෙඩාට තිබෙනවා. ඒ තමයි මාෂල් ආර්ට් කරන ගැහැනු ළමයින් සොයා ගැනීම සදහා විශ්වවිද්‍යාල වලට කතා කරල තියෙනවා. ඒ අතරේ ජාතික චිත්‍රපට සංස්ථාවේ ලකුණ, මගේ චිත්‍රපටවල කොටස් (පත්තිනි, කුසපබා, විජයබා කොල්ලාය, යශෝධරා) දාපු පොඩි ට්‍රෙලර් එකක් වගේ හදලා.
ඒක දාලා තමයි මෙයා හඳුන්වා දෙන්නේ. එයා කියන්නේ මම සුනිල් ආරියරත්න. අලුත් චිත්‍රපටයක් කරනවා. ඒකට නිළියන් ගන්නවා. මුදල් වගේම විශ්‍රාම වැටුපක් ද දෙනවා කියලා ඉස්සෙල්ලා පින්තූර ගෙන්වා ගන්නවා. ඊළඟට වට්ස්ඇප් (WhatsApp )හරහා ඉන්ටර්විව් කරනවා. හැබැයි මිනිහ පේන්න ආවෙ නෑ. මේ විදිහට එයාව හසුවුණ එක වටිනවා’
මහාචාර්යවරයා පෙර කරුණුද සපයා එම තැනැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියෙන් ඉල්ලා ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.

Exit mobile version