දේශීය පුවත්

ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු 06ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් 35 හැවිරිදි පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කටුනායක පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා කටුනායක ප්‍රදේශයේ වෙළඳසැලකින් භාණ්ඩ මිල දී ගෙන මුදල් අයකැමිට දුන් රුපියල් 1,000ක නෝට්ටුව පිළිබඳව සැකපිට පොලිසියට දැනුම් දී ඇති අතර එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බව අනාවරණයවී තිබෙනවා.

පොලිසිය විසින් මුද්‍රණ යන්ත්‍රයක් සහ තවත් ව්‍යාජ රුපියල් 1,000 නෝට්ටු පහක්ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Back to top button