සුව අරණ

එයා දාලා ගියාම හිත හදාගන්නෙ කොහොමද

අකිල විමංග සෙනෙවිරත්න ගුරුතුමා මෑත කාලයේ ඉතාමත් ප්‍රසිද්ධ චරිතයක්. ඒ
විෂය අතරේ ජීවිතය කියලා දෙන හින්දා.
පන්ති යන ගොඩක් ළමයින්ට වඩා ගොඩක් අය සර්ගෙ කතා අහනව හදවතට දැනෙන නිසා. මේ කියන්න යන්නේ සර් කිව්ව තවත් එක කතාවක්
එයා දාලා ගියාම හිත හදාගන්න විදියක්
සර් කියපු විදිහටම හදවතට දැනෙන්න ඔයාලත් කියවන්න.

“ඔයා ගියා කියලා මං අමුතුවෙන්
වැලපෙන්නේ නැහැ.මොකද අඩන එක වැඩක් නැහැ කියලා මං දන්නවා.දෙන්නෙක් ලං වෙලා ලව් එකක් පටන් ගත්තම ඒ කොකු දෙක වට්ට ගන්න අමාරුයි නේ.එතකොට ඊටත් වඩා අමාරුයි අත්හැරෙන තැන.හැම තැනකදිම බැඳීමක් අහුවෙනවා කියන්නෙම සතුටයි දුකයි දෙකම එකතු වෙන එක. ඔයාලා ඔය වයසෙදි හිතනවා විවාහය කියන්නේ ආදරේ විතරයිමයි කියලා.විවාහය කියන්නේ ප්‍රේමය නෙවෙයි..

ප්‍රේමයම….නෙවෙයි.විවාහය කියන්නේ දෙන්නෙක් එක ගෙයක ජීවත් වන එක.ඒකට ආදරයම විතරක් තිබුණට මදි දෙන්නගේ qualities තියෙන්න ඕන. මේ qualities කියන්නේ මොනවද ?කෙනෙක් අනෙකාට ගරු කරන්න ඕන.අනෙකා කියන්නේ මොකක්ද ඒක අහන්න ඕන.අනෙකාගේ උවමනා එපාකම් දැනෙන්න ඕන.අඩුම තරමේ මනුස්සකම අල්ප මාත්‍රයක්වත් දෙදෙනා අතර ඉතුරු වෙන්න ඕන.බැනගත්තට පස්සේ අනිත් කෙනාව එපා වුණා නම්, එක නිමේෂයකින් හිනා වෙන්න අනිත් කෙනා නම්‍යශීලී වෙන්න ඕන.ඉන්න බෑ කියලා දැනෙනවා නම් සීයට දාහක් ආදරය වුණත් මම හිතන්නේ ප්‍රේමය දාලා යන්න ඕන කියලා.මගහැරෙන ප්‍රේම සම්බන්ධතා ගැන දුක් වෙන්න ඕන නැත්තේ ඒකයි.පුතේ ලව් කරන කාලේ අනිත් කෙනා වෙනුවෙන් ඉවසන්න බැරි කෙනා, ලව් කරන කාලේ අනිත් කෙනා වෙනුවෙන් දරාගෙන ඉන්න බැරි කෙනා, කොහොමද කසාද බැන්දම, ළමයි හම්බුනාම, ආර්ථික ප්‍රශ්නයේදී, ලයිට් බිල එද්දී, වතුර බිල එද්දී, දරං ඉන්නේ.ඔයා තමන්ව දාල ගිය උන් වෙනුවෙන් අඩන්න එපා. ඇයි ඒ?ඉතින් ලව් කරන කාලේ කිසිම ප්‍රශ්නයක් නැති කාලයක්.ඒ කියන්නේ ගොඩක් ප්‍රශ්න නැති කාලේ එහෙම අපිත් එක්ක ඉන්න බැරි කෙනා කොහොමද එක ගෙයක ඉන්නේ?ආර්ථික ප්‍රශ්න එද්දි, සමාජ ප්‍රශ්න එද්දි..කිසිම මොහොතක තමන් ම දාලා ගිය කෙනෙක් වෙනුවෙන් අඬන්න එපා.ප්‍රේමය කියන්නෙ ජීවිතේ හම්බවෙන එක දෙයක් විතරයි. අපිට මේ හම්බවෙච්ච දුර්ලභ මනුස්ස ආත්මය, අම්මා තාත්තා මහන්සි වෙලා ගොඩනඟපු මේ ජීවිතයේ අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගිහිල්ලා මේ හදාගත්ත ආත්මය අතර මගදි හම්බවෙන ප්‍රේමය වගේ හැඟීමක් නිසා නැති කර ගන්නවා නම්
ඌ මෝඩයෙක්ද? අවංක ප්‍රේමවන්තයෙක් ද?පට්ට පල් මෝඩයෙක්.
මෝඩියෙක්ද අවංක ප්‍රේමවන්තියක් ද? පට්ටපල් මෝඩියෙක්,
ආදරේ කියන්නෙ ජීවිතේ එකක් විතරයි.එතකොට සමහර වෙලාවල් වලට ගැලපෙන්නේ නැත්නම්, අපිට එකට ඉන්න බැරිනම්, අත් දෙක අතාරින්න එක තමයි හොඳම දේ.අපේ අනාගතය වෙනුවෙන්..
සමහර ප්‍රේම වන්තියෝ සමහර සින්දු වලින් අහනවා මෙහෙම

“කවුරුන්ද කවුලුව වැහුවේ මට දුන්න ආදරේ”

එයා අහනවා ඔයා මාව දාලා යන්නේ ඔයාට වෙන කවුරුහරි ඉන්න නිසාද?එතකොට කියනවා මම දාලා යන්නේ වෙන කෙනෙක් ඉන්න නිසා නෙමෙයි.ආදරෙයි මං ගොඩක් ආදරෙයි..ඒත් මං දාලා යන්නේ වෙන කෙනෙක් ඉන්න නිසා නෙවෙයි. අපි ගැලපෙන් නෑ කියලා හිතෙන නිසා.
ආදරේ කරන කාලය ඔයාව ගැලපෙන්නෙ නැති කොට මම හිතනවා අප දෙන්නාට කසාද බැඳලා එකට ඉන්න බැරි වෙයි කියලා. ඒ නිසා ඔයාට කොච්චර දුක උනත්…අපිට කොච්චර දුක උනත්…අපි සමාදානයෙන් මේක විසදගමු…නවතින්න අවසරයි ප්‍රේමයෙන්.”

“හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ නවතින්න අවසරයි ප්‍රේමයෙන්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button