ගොසිප් පුවත්

මෛත්‍රී ජනපති පුත් දහම් සිරිසේනට ශ්‍රී.ල.නී.ප යෙන් සභාපති තනතුරක්..!

හිටපු ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාට පොලොන්නරුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බලමණ්ඩලයේ සභාපතිධූරය ලැබී ඇත. එම ධුරය සඳහා දහම් සිරිසේන මහතා විසින් නාම යෝජනා භාරදී ඇති අතර පසුව හිටපු ජනාධිපතිතුමා විසින් එම නාමයෝජනාවට අනුමැතිය ලබා දී ඇත.

දහම් සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.

දහම් සිරිසේන මහතා මින්නේරිය ආසනයේ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවීම සදහා වූ අවස්ථාවටද එක්ව සිටියේය.

ඒ අනුව මීළඟ කුමන හෝ මැතිවරණයකට හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා තරග වැදීම සදහා සූදානම් වෙමින් ඇති බවට වාර්තා පල වෙනවා.

පසුගිය කාලයේ සිටම හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ විවිධ සමාජ ක‍්‍රියාකාරකම් මේ දිනවල සිදු කරමින් තිබුනා.

කෙසේ වෙතත් මේ වන තෙක් ඔහු දේශපාලනයට පැමිණෙන බවක් ප‍්‍රසිද්ධියේ පවසා නැති අතර ජනාධිපතිවරයාද එවැන්නක් ගැන සදහන් කර නැත.

Back to top button