LPL සමාරම්භක උත්සවය සහ පළමු තරඟය අද

අභියෝග රැසක් මැද සංවිධානය කෙරුණු ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරඟාවලිය අද (26) රාත්‍රියේ ආරම්භ වීමට නියමිතයි.
රාත්‍රී 6.50 ට ආරම්භ වීමට නියමිත එහි සමාරම්භක උත්සවය Augment Reality සහ Virtual Reality තාක්ෂණයන් යොදාගනිමින් ශ්‍රී ලාංකිය සංස්කෘතිය සහ උරුමයන් පිළිඹිබු වන ආකාරයෙන් වෙනස්ම ආරකින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඉන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් Colombo Kings සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු Kandy Tuskers අතර ප්‍රථම තරඟය රාත්‍රී 7.30 ට ආරම්භවීමට නියමිතයි.

එම තරඟයේ සංචිතයන් සහ විනිසුරුවන් මෙසේයි.
Colombo Kings සංචිතය
දේශීය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපෝන්සු, අශාන් ප්‍රියන්ජන්, දුෂ්මන්ත චමීර, ධම්මික ප්‍රසාද්, ජෙෆ්රි වැන්ඩර්සි, තික්ෂිල ද සිල්වා, තරිඳු කෞෂාල්, ළහිරු උදාර. අතිරේක – හිමේෂ් රාමනායක, කළන පෙරේරා, තරිඳු රත්නායක, නවෝද් පරණවිතාන
විදේශීය – ඇන්ඩ්‍රෙ රසල් (බ.ඉ.කොදෙව්), මන්ප්‍රීට් ගෝනි (ඉන්දියාව), කායිස් අහමඩ් (ඇෆ්ගනිස්තානය), ඩැනියල් බෙල් (එංගලන්තය), කරීම් ඛාන් (ඇෆ්ගනිස්තානය), ලෝරි එවන්ස් (එංගලන්තය)
Kandy Tuskers සංචිතය
දේශීය – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, සික්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න. අතිරේක – කෙවින් කොත්තිගොඩ, ළහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමිකර එදිරිසිංහ,
විදේශීය – බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ), ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව), ඉර්ෆාන් පතන් (ඉන්දියාව), මුනාෆ් පටෙල් (ඉන්දියාව), නවීන් උල්හක් (ඇෆ්ගනිස්තානය), රහමනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), සොහෙල් ටන්වීර් (පාකිස්තානය)
විනිසුරුවන්
පිටියේ විනිසුරුවන් – රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩල් හැනිබල්
රූපවාහිනී විනිසුරු – රුචිර පල්ලියගුරුගේ
සිව්වැනි විනිසුරු – ප්‍රගීත් රඹුක්වැල්ල
තරඟ තීරක – ග්‍රෑම් ලැබ්‍රෝයි