LPL පුවත්
LPL – ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් තරගයට

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ, කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණි.
එම තරගයෙන්, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 2ක ජයක් ලබමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කලම්බු කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 150ක් රැස් කළේය.
ඩැනියෙන් බෙල් ඩ්‍රාමන්ඩ් ලකුණු 70ක් රැස් කළේය.
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තේය.
පිළිතුරු ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කඩුලු 8ක් දැවී ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව රැස් කළේය.