ගොසිප් පුවත්

පාපැදි මිලදී ගැනීමට දිගු පෝලිම්

රටේ පවතින දැඩි ඉන්ධන අර්බුදයත් සමග ජාඇල ප්‍රදේශයේ පාපැදි වලට විශාල ඉල්ලුමක් ඇතිවී තිබෙන බව වාර්තා වනවා.

මේ හේතුවෙන් පාපැදි අලෙවි සැල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

දිනෙන් දින ඒ තත්ත්වයේ වැඩිවිමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව ජාඇල පොලිසිය සඳහන් කළා.

එයට හේතුව වන්නේ සාමාන්‍ය ජනතාව මෙන්ම විවිධ වෘත්තීයවල නියැළෙන පිරිසද ප්‍රවාහන අවශ්‍යතා සඳහා මේ වන විට පාපැදිය තෝරාගෙන තිබීමයි.

එම වෘත්තිකයින් අතර වෛද්‍යවරුන්, බැංකු නිලධාරින්, ගුරුවරුන් ඇතුලු රජයේ සේවකයින් රැසක් සිටින බවද සඳහන්. (colombotimes.lk)

Viber
colombotimes.lk

The post පාපැදි මිලදී ගැනීමට දිගු පෝලිම් appeared first on Colombo Times.

Back to top button