දේශීය පුවත්

හෙට සිට හුදෙකලා වන පොලිස් වසම් මෙන්න

මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, වේල්ලවීදිය සහ කැළණිය පොලිස් වසම් හෙට අළුයම පහේ සිට හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කරන බව පොලීසිය පවසනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

 

හුදෙකලා ප‍්‍රදේශ ලෙස දැනටමත් නම් කර ඇති කොළඹ දිස්ති‍්‍රක්කයේ පොලිස් වසම් 13 ක් සහ ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් වසම් 6 ක් තවදුරටත් එම තත්ත්වයේම පවතින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

 

මේ අතර කුරුණෑගල මහ නගර සභා සීමාව, කලූතර දිස්ති‍්‍රක්කයේ වෑකඩ බටහිර ග‍්‍රමා නිලධාරී වසම සහ තවත් පොලිස් වසම් 5 කට පනවා තිබූ  හුදෙකලා තත්ත්වය අද අළුයම පහේ සිට ඉවත් කෙරුණා. කුලියාපිටිය, හොරණ, ඉංගිරිය, රුවන්වැල්ල සහ මාවනැල්ල ඊට අයත් පොලිස් වසම් වනවා.

 

මේ අතර, බස්නාහිර පළාතේ පුද්ගලයින්ට වෙනත් පළාත්වලට ගමන් කිරීම ස`දහා පනවා තිබූ සංචරණ සීමා අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉවත් කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button