ගොසිප් පුවත්

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පාසල් නිවාඩුව අවසානයේ මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩ භාරගැනීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
(colombotimes.lk)

Viber

The post ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම ගැන විශේෂ දැනුම්දීමක් appeared first on Colombo Times.

Back to top button