දේශීය පුවත්

තවත් මහල් නිවාස ව්‍යාපෘතියකට මුල්ගල් තැබේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස පන්දහසේ වැඩසටහනේ තවත් නිවාස ව්‍යාපෘති කිහිපයකට අද (06) මුල්ගල තැබීය.

ඒ අනුව “බ්ලූමැන්ඩල් ස්ටේඩියම් ගම මහල් නිවාස ව්‍යාපෘතිය” සඳහා මුල්ගල තැබීම අද පෙරවරුවේ නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

මෙම ව්‍යාපෘතිය මගින් නිවාස 210ක් වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන් සහ සෙසු මධ්‍යම පාන්තික පිරිස් වෙත ලබාදීමට නියමිතය.

මේ අතර මෙම ව්‍යාපෘතිය යටතේ බොරලැස්ගමුව ප්‍රදේශයේ ඉදිවන නව නිවාස සංකීර්ණයේද වැඩකටයුතුද අද (06) ආරම්භ කෙරුණි.

මෙම මහල් නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 120 ක් ඉදිකිරිමට නියමිතය.

මෙම නිවාස ව්‍යපෘති සියල්ල වසර එකහමාරකින් ඉදිකර අවසන් කිරීමට ද අපේක්ෂිතය.

Back to top button