දේශීය පුවත්

කොළඹ හතේ තායිලන්ත තානාපති ඉඩමට හොර ඔප්පු හැදු නීතිඥයා හසුවේ

කොළඹ 7. සී.ඩබලිව්.ඩබලිව්. කන්නන්ගර මාවතේ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයට අයත් රුපියල් කෝටි 50කට අධික වටිනා පර්චස් 20 ක ඉඩමක් විකිණීමට ව්‍යාජ ලෙස ඔප්පුවක් සකස් කිරිම සම්බන්ධයෙන් නීතිඥවරයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ව්‍යාජ ඇර්ටෝනි බලපත්‍රය සහ ඔප්පුවක් සකස් කිරිම සම්බන්ධයෙන් මෙම නීතිඥවරයා පෙරේදා (23) අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මෙම ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර 2019 වසරේදී ව්‍යාපාරිකයකුට විකුණා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම වංචාව සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශය විසින් මුලින්ම පරික්ෂණ පවත්වා පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූවට පරිණ බාර දී තිබූ බවද ඔහු සඳහන් කළේය.මෙම ඉඩම් සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය වසරේදී මෙම ඉඩම විකිණීමට හවුල් වූ පුද්ගලයා සහ ඉඩම මිලදී ගත් කෝටිපති ව්‍යාපාරිකයකුද අත්අඩංගුවට ගෙන ඇත. එම පරික්ෂණවල උධෘත නීතිපතිවරයා වෙත යොමුකිරිමෙන් පසු නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකාර නීතිඥවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මෙම ඉඩමේ හිමිකරු එංගලන්තයේ පදිංචි පුද්ගලයකු බවට සඳහන් කර ඇටෝනි බලපත්‍රයක් සකසා ඒ මගින් ව්‍යාජ ඔප්පු සකසා ඇති බවද පොලිසිය පවසයි.

-ඉන්දිකා රාමණායක –

Back to top button