LPL පුවත්

සාර්ථක ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් අනතුරුව මෙරට ක්‍රිකට් ආයතනයේ අලුත්ම සූදානම මෙන්න

ටී – 10 ලීග් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවදානය යොමුව තිබෙනවා.

එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව මෙය පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න ප්‍රකාශ කළේ.

ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත අතර ඊට තරග දෙකක් ඇතුළත්.

ඉන් අනතුරුව පෙබරවාරි මස 01 සිට 12 වනදා දක්වා ටී-10 තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවට සඳහන්.

අදාළ තරගාවලියේ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇති බවත්, මේ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

මෙම තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලකැලේ සහ දඹුල්ල යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිතයි.

ඊට විදෙස් ක්‍රීඩකයින් රැසක් ද සහභාගී කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

අදාළ තරගාවලියට කණ්ඩායම් පහක් හෝ හයක් සහභාගී කරවා ගැනීමට අදහස් කරන බවයි රවීන් වික්‍රමරත්න වැඩිදුරටත් අවධාරණය කළේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button