කාගෙත් කතාබහට ලක්වන ගංජා ගැන, ගත් අලුත්ම තීරණය මෙන්න

පැවති ඡන්දයෙන් 27 ට 25 ක් ලෙස අනුමැතියත් හිමිවෙයි!!
මරිජුවානා, කැනබීස්, කංසා ආදී විවිධ නම්වලින් හඳුන්වන ගංජා දැඩි පාලනය සහිත මත්ද්‍රව්‍ය කාණ්ඩයෙන් ඉවත් කිරීමට ජගත් සංවිධානයේ ඖෂධ නියෝජිතායතනය තීරණය කර තිබෙනවා.

වියෙනා නුවර පැවති එහි වාර්ෂික සම්මේලනයේදී සාමාජික රටවල් අතර පැවති ඡන්දයෙන් 27 ට 25 ක් ලෙස ඊට අනුමැතිය හිමිවුණා.
ඡන්දය පැවැත්වුණේ පර්යේෂණ සහ වෛද්‍ය භාවිතයට ගංජා පුළුල් වශයෙන් යොදා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීමකට අනුවයි.
ගංජා, පර්යේෂණ හා වෛද්‍ය භාවිතය උදෙසා සංවර්ධනය කිරීමට පවතින බාධාවන් ඉවත් කළ යුතු බවට පසුගිය වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයක් ඉදිරිපත් කළා.
හෙරොයින් ඇතුළු අනෙකුත් අනතුරුදායක මත්ද්‍රව්‍ය මෙන්, ගංජා වලින් කැපී පෙනෙන මරණීය අවදානමක් නොමැති බවත්, දැඩි වේදනාව හා අපස්මාරය වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා එය යොදා ගත හැකි බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හඳුනාගෙන තිබෙනවා.