Lanka Gossip Sochi Sinhala –


ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2023 අප්‍රේල් මසට අදාළ ජාතික පාරිභෝගික මිල දර්ශකය අද ප්‍රකාශයට පත් කර තිබේ එහිදී
2023 මාර්තු මාසයයේ දී 49.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 අප්‍රේල් මාසය සදහා 33.6%ක් දක්වා පහත වැටී ඇත.
2023 මාර්තු මාසයයේ දී 42.3 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) ද 2023 අප්‍රේල් මාසය සදහා 27.1 %ක දක්වා පහත වැටී ඇත.
එමෙන්ම, මාර්තු මාසයේ දී 54.9%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) ද අප්‍රේල් මාසයේ දී 39.0%ක් ලෙස සැලකිය යුතු අගයකින් පහත වැටී ඇත.
ආහාර කාණ්ඩය සැළකූවිට සහල්, කරවල, මිරිස්කුඩු, කිරිපිටි, වියළි මිරිස්, ලොකුළූණු, මයිසූර් පරිප්පු, සාමාන්‍ය පාන්, පාන්පිටි සහ කහකුඩු යන ආහාර ද්‍රව්‍ය වල මිලෙහි අඩුවීමක් සහ කුකුළුමස්, අළුත් මාළු, බිත්තර, දෙහි, තේ කොළ/කුඩු, පොල්, අර්තාපල්, අළුත් පළතුරු, සීනි, ඉඟුරු, මුංඇට, ටින්මාළු, අමුමිරිස් සහ ළදරු කිරිපිටි යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි වැඩිවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත.
මේ පිලිබඳ වැඩි දුර විස්තර පහතින්




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Source link