Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
දේශපාලන පුවත්

බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යෑම සුදුසු නෑ

බෝගම්බර හිරගෙදර මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බවත්, එය නගර මධ්‍යයේ පවතින බැවින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යෑම සුදුසු නොවන බවත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. එම මධ්‍යස්ථානයේ පුද්ගලයන් 50දෙනෙකු පමණ සේවයේ නිරත වන අතර, ඔවුන් දිනපතා නගරයට පැමිණෙන බවත්, ඒ අනුව දන්ත දාතුන් වහන්සේ වැඩ සිටින නගරය අනතුරකට ලක් කිරීම සම්බන්ධයෙන් බෞද්ධයන් ලෙස කම්පා වන බවත් ඊයේ (18දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය. මේ අතර පෙරේදා (17දා) කෝවිඩ්-19 ආසාදිතයන් එම මධ්‍යස්ථානයෙන් පැන ගොස් ඇති බවත්, එහිදී සිදු වූ වෙඩි තැබීමකදී එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බවත් කිරිඇල්ල මහතා පැවසීය. ඒ අනුව බෝගම්බර සිරගෙදර පවත්වාගෙන යනු ලබන

නිරෝධායන මධ්‍යස්ථානය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලීම් කරන බවද සඳහන් කළ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

මහනුවර නගරය මැද එක පැත්තකින් මාකට් එක. අනිත් පැත්තෙන් බස් නැවතුම්පොළ. ඒ වගේම දුම්රිය ස්ථානය, තොග වෙළෙඳ පොළ. දැන් ඊයේ රෑ (18දා) කෝවිඩ්19 ආසාදිතයෙක් පැනලා ගිහින්. එක් අයෙකුට වෙඩි තියලා. එක් අයෙකු රෝහල්ගත කරලා. තවත් කිහිප දෙනෙකු පැනලා ගිහින්. මේ ස්ථානය කිසිසේත්ම නිරෝධායන මධ්‍යස්ථානයකට සුදුසු නෑ. මේක නගරය මැද තියෙන්නේ. ඒක නිසා අපි රජයට කියනවා මේක මෙතනින් ඉවත් කරන්න. මෙතන 50ක් විතර වැඩ කරනවා. ඔවුන් දිනපතා එනවා නගරයට කෑම ගන්න, ගෙවල්වලට බඩු ගන්න එනවා. මුලින් කිව්වේ 100ක් ගේනවා කියලා. දැන් 800ක් ගෙනල්ලා තියෙනවා.

අනිත් එක දන්ත දාතුන් වහන්සේ වැඩ ඉන්න නගරය මේ වගේ අනතුරකට ලක් කරන එක ගැන ඇත්ත වශයෙන්ම අපි බෞද්ධයෝ ලෙස කපා වෙනවා. මේ ලංකාව පුරා ස්ථාන ගණනාවක් තියෙනවා” යනුවෙන් පවසා සිටියේය. “බෝගම්බර සිරගෙදර අපේ රජය කාලේ හිස් කළා. ඒ අනුව ඒක සංවර්ධනය කරන්න සැලැස්මක් හදලා තිබුණා. කඩ සාප්පු, සිනමාහල්, එළිමන් රංගපීඨ, හස්ත කර්මාන්තවලට කුටි දවසක් ගත කරන්න පුළුවන් ආකාරයට අපි සැලැස්ම හදලා තිබුණා. දැන් මේක වහලා තිබුණ නිසා බෝගම්බර සිරගෙදර නිරෝධායන මධ්‍යස්ථානයකට පරිවර්තනය කරලා.

මම පෙරේදා (16දා) මාධ්‍ය හමුවත් තියලා කිව්වා මේක කාල බෝම්බයක් කියලා. මේ මහනුවර නගරය මැද එක පැත්තකින් මාකට් එක.

අනිත් පැත්තෙන් බස් නැවතුම්පොළ. ඒ වගේම දුම්රිය ස්ථානය, තොග වෙළෙඳ පොළ. දැන් ඊයේ රෑ (18දා) කෝවිඩ්19 ආසාදිතයෙක් පැනලා ගිහින්. එක් අයෙකුට වෙඩි තියලා. එක් අයෙකු රෝහල්ගත කරලා. තවත් කිහිප දෙනෙකු පැනලා ගිහින්. මේ ස්ථානය කිසිසේත්ම නිරෝධායන මධ්‍යස්ථානයකට සුදුසු නෑ. මේක නගරය මැද තියෙන්නේ. ඒක නිසා අපි රජයට කියනවා මේක මෙතනින් ඉවත් කරන්න. මෙතන 50ක් විතර වැඩ කරනවා. ඔවුන් දිනපතා එනවා නගරයට කෑම ගන්න, ගෙවල්වලට බඩු ගන්න එනවා. මුලින් කිව්වේ 100ක් ගේනවා කියලා. දැන් 800ක් ගෙනල්ලා තියෙනවා. අනිත් එක දන්ත දාතුන් වහන්සේ වැඩ ඉන්න නගරය මේ වගේ අනතුරකට ලක් කරන එක ගැන ඇත්ත වශයෙන්ම අපි බෞද්ධයෝ ලෙස කම්පා වෙනවා. මේ ලංකාව පුරා ස්ථාන ගණනාවක් තියෙනවා” යනුවෙන් පවසා සිටියේය.

දිනේෂ් සමරකෝන්

news - admin

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

4 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

5 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

5 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

5 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

6 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

6 months ago