ගොසිප් පුවත්

අපි දෙන්නා මුලින්ම දැකලා කතා කරේ ගුවනේදී, ඊට පස්සේ අවුරුදු 6ක් ආදරේ කරලා විවාහ වුණා-ළහිරු මුදලිගේ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පියෙක් තමයි ළහිරු මුදලිගේ කියලා කියන්නේ. ඉතින් ඔහුගේ හරි ටීවී යූ ටියුබ් නාලිකාව හරහා නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහු ළමා නිවේදකයෙක් හැටියට කටයුතු කරන්නේ පස් වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ ඉදලාමලු. නමුත් ඔහුගේ රැකියාව විදිහට නිවේදනය තොරා ගන්නේ 2002 වර්ෂයේ උසස් පෙළ කරාට පස්සේ කියලයි ඔහු කියන්නේ. ඉතින් රජ එෆ්.එම් එකේ මාස 8ක් ඔහු සේවය කළා කියලත් කියනවා. කොහොම නමුත් ඔහුගේ ඉලක්කය වුණේ ටෙලිවිෂනයලු.

ඉතින් ඔහුට ඒ කාලයේදී හේම නලීන් කරුණාරත්න මහත්මයාව හඳුනා ගන්න ලැබෙනවාලු. ඒ වගේම එතුමාගේ ගුරුහරුකම්වලින් ඔහු 2002 වර්ෂයේ දී ස්වර්ණවාහිනීයට එකතු වුණාලු. ඒ වගේම ඉන් ඉවත් වෙන්නේ 2017 වර්ෂයේ දීලු. කොහොම නමුත් නිවේදකයෙක් හැටියට සම්බන්ධ වෙලා ප්‍රවර්ධන කළමනාකරු හැටියට ඉන් ඉවත් වීම ගැන සතුටුයි කියලයි ඔහු කියන්නේ. මොකද එවැනි උසස් තනතුරු දැරුවේ කිහිප දෙනෙක් විතරයිලු. ඉතින් ඒ වගේම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ස්වර්ණවාහිනීය කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු එකම ආයතනයක අවුරුදු 14ක් සේවය කළාලු. හැබැයි ඒ කාලේ අද වගේ නෙමෙයිලු.

ඉතින් ස්වර්ණවාහිනිය හරහා මාධ්‍යයේ දැවැන්තයින්ගේ ඇසුර ඔහුට හිමි වුණා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒ පළපුරුද්ද ජනතාව අතර තිබ්බ ප්‍රසාදය මේ හැම දෙයක්ම ඔහුට හිමි වුණේ ස්වර්ණවාහිනීය නිසාලු. ඉතින් ඒ නිසා ඔහුට කියලා ඔහුගේ ගමනක් යන්න හැකි වුණා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒ වගේම ඔහුගේ බිරිඳ තමයි සඳුනි ද සිල්වා කියලා කියන්නේ. ඒ වගේම ඔහුගේ ආදරණීය පුතා ඉමෝන් ලාහිරූ කියලත් ඔහු කියනවා. දැන් පුතාගේ වයස අවුරුද්දක් වෙනවාලු. හැබැයි දැන් ඔහුට වෙන රැකියාවල වගේ අටට ගිහිං හවස පහ වෙද්දී ගෙදර එන්න බැහැ කියලත් ඔහු කියනවා. රෑ දහයට ගිහිං පහුවදා පාන්දර එක වෙනකන් ඒ වැඩේ වෙන්නත් පුළුවන්ලු. ඉතින් මේක ක්‍රියේටිව් විෂයක් කියලත් ඔහු කියනවා. ඉතිං එහෙම ජීවිතයක් ගත කරන්න මානසික නිදහස ඕනලු. ඒ නිසා ඒ නිදහස බිරිඳගෙන් උපරිම ලැබෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් දැන් ජිවිතේ සමබර කරගෙන ඔවුන් තුන් දෙනා සතුටින් ජීවත් වෙනවාලු.

ඉතින් ඒ වගේම ලහිරු ගැන වගේම දැන් ගෙවන ආදරණීය සුන්දර ජීවිතය ගැනත් ලහිරුගේ බිරිඳ සඳුනි කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයත් ගොඩක් වෙලාවට ඇයගේ රැකියාව එක්ක කාර්යබහුල වෙන කෙනෙක්ලු. ඉතින් ඇයත් මෘදුකාංග ඉංජිනේරුවරියක්ලු. ඒ වගේම මේ දවස්වල ගෙදර ඉදලා වැඩ කරන නිසා පුතා එක්ක වැඩිපුර කාලයක් ඉන්නවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ළහිරුට විවේකයක් තියෙන වෙලාවට එයා ෆිල්ම් එකක් හරි බලන්න එක්කගෙන යනවා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ළහිරුව ඇය මුලින්ම දැකලා කතා බහ කලේ ගුවන්ගත වූ මොහොතකලු. ඒ දෙන්නම ඩුබායි යන වෙලාවකලු. ඉතින් ඒ යන මොහොතක තමයිලු ලහිරු ඇයත් එක්ක කතා කළේ. ඉතින් ළහිරු ඇයත් එක්ක කතා කරද්දී තමයිලු ඇය ඔහු ගැන දැන ගත්තේ. ඉතින් එදා ඇති වුණු කතාබහ ඔවුන් දෙන්නගේ ආදරේ දක්වා දුර දිග ගියාලු. ඉතින් අවුරුදු පහක් හයක් ආදරේ කරාට පස්සේ තමයිලු ඔවුන් විවාහ වුණේ.

The post අපි දෙන්නා මුලින්ම දැකලා කතා කරේ ගුවනේදී, ඊට පස්සේ අවුරුදු 6ක් ආදරේ කරලා විවාහ වුණා-ළහිරු මුදලිගේ appeared first on FoxMedia.

Back to top button