දේශීය පුවත්

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය දැඩි සත්කාර ඒකකවල හිඟයක්

කොවිඩ් අසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි සත්කාර ඒකකවල හිඟයක් පවතින බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පැවසීය.

දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“හෘද රෝගීන්ගේ සැත්කම් කරලා දාන දැඩි සත්කාර ඇඳන් තියෙනවා නේ. දැන් ඒවත් ගන්න යන්නේ. ඒ වගේ ඇඳන් හදන්න යන්නේ.”

යනුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පැවසීය.එම වැඩසටහනට එක්වූ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පැවසුවේ,

“දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ කොරෝනා රෝගීන්ට පමණක් සුවිශේෂී වූ දැඩි සත්කාර ඇඳන් තියෙනවාද කියන එකයි. සෞඛ්‍ය බලධාරීන් කියන්නේ පුළුවන් ප්‍රමාණය. පුළුවන් ප්‍රමාණයත් වර්තමානයේ තියෙන ප්‍රමාණයත් අතර වෙනසක් තියෙනවා.” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published.

Back to top button