දේශීය පුවත්
කොවිඩ් එන්නත සති දෙකක් තුළ ශ්‍රී ලංකාවට – ප්‍රධාන එන්නත් 2ක් ගැන අවධානය

තවත් සති දෙකක් ඇතුළත කොවිඩ් මර්දන එන්නතක් මෙරටට ගෙන ඒමට හැකිවනු ඇතැයි ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (15) ප්‍රකාශ කළේය.
මේ වනවිට අවධානය යොමු කර ඇත්තේ ප්‍රධාන එන්නත් දෙක කෙරෙහි බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
“එන්නත් නිපදවන සමාගම් සමග, ඒ රජයන් සමග, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අපි සාකච්ඡා පවත්වාගෙන යනවා. අපිට තවත් සති 2ක් ඇතුළත කොරෝනා වෛරසයට ලබාදෙන එන්නතක් පළවෙනි වතාවට ලංකාවට ගෙන ඒමට හැකි වේවි. විශේෂයෙන්ම ප්‍රධාන එන්නත් දෙක ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනිකා ගැන තමයි මේ වනවිට අවධානය යොමු වෙලා තියෙන්නේ. ඉන්දියාවෙන් ලබාදෙනවා කියන එක ගැනත් පැහැදිළි කිරීමක් කරන්න ඕනේ. ඇස්ට්‍රාසෙනිකා සමාගමේ නියෝජිත ආයතනයක් තියෙනවා ඉන්දියාවේ. ඒ හරහා අපේ රටට පහසුවෙන් ලබා ගැනීමේ හැකියා තියෙනවා.”