LPL පුවත්ක්රීඩා පුවත්
LPL කණ්ඩායමක පුහුණුකරුවෙකුට කොවිඩ්

ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ කලම්බෝ කින්ග්ස් කණ්ඩාමේ ප්රධාන පුහුණුකරු ලෙස නම්කර සිටි හිටපු එංගලන්ත ක්රීඩක කබීර් අලී ට කොවිඩ් -19 ආසාදනය වී තිබේ.
මේ හේතුවෙන් ඔහුට LPL තරගාවලිය සඳහා සහභාගීවීමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් කබීර් අලී මෙතෙක් මෙරටට පැමිණ නොමැත.
LPL ක්රිකට් තරගාවලිය ලබන 26 වනදා ආරම්භ කිරීමට සැලසුම්කර ඇති අතර තරගාවලියට සහභාගී වන විදෙස් ක්රීඩකයින් කිහිපදෙනෙකු මේ වනවිටත් පැමිණ තිබේ.
කණ්ඩායම් 05ක් තරගවදින LPL ක්රිකට් තරගාවලියේ සියලු තරග හම්බන්තොට සුරියවැව ක්රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතය.