අයි පී එල් තරඟාවලිය ට කොවිඩ් තර්ජන – අද තරඟය කල්දැමේ

අද (03)ට නියමිතව තිබූ KKR සහ විරාත් කෝලි නායකත්වය දරන RCB අතර තරඟය කල්දැමීමට අයි පී එල් සංවිධායකයින් කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.ඊට හේතුවී ඇත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කොරෝනා සම්බන්ධ සිද්ධියක් වාර්තාවීම බවද සඳහන් වේ.

නමුත් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් මෙතෙක් නිකුත්කර නොමැත.තරඟය අද නොපැවැත්වෙන බව ගුජරාත් ක්‍රිකට් සංගමයට දන්වා ඇති බව වාර්තා වේ.මේ අතර KKR කණ්ඩායමේ වරුන් චක්‍රවර්ති සහ සන්දීප් වරියර් ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ද වාර්තා වේ.

එසේම චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට ද කොවිඩ් තර්ජනය එල්ලවී ඇති බව වාර්තා වේ.එම කණ්ඩායමේ කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගැනීම හේතුවෙන් කණ්ඩායමේ පුහුණු කටයුතු තාවකාලිකව නතර කිරිමට ද පියවර ගෙන තිබේ.

Exit mobile version