ගොසිප් පුවත්

නුවරඑළියේ හෝටලයක වැඩ කරපු මම දැන් ජනප්‍රිය නළුවෙක් වෙලා-කියාදෙන්න ආදරේ තරම් හී වස්තු

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි නාමල් ප්‍රවීන් කියලා කියන්නේ. ඉතින් ඔහු මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය වස්තුගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු නුවර කෙනෙක්ලු. ඒ වගේම කාලයක් තිස්සේ ඔහු රඟපාන්න හරිම ආසාවෙන් හිටියා කියලත් ඔහු කියනවා. ඉතින් ඒ වගේම ඔහු ඒ සම්බන්ධව ඉගෙනත් ගත්තාලු. කොහොම නමුත් රඟපාන්න ආසාවෙන් හිටපු ඔහු ඒක කරගන්න බැරි නිසා එසේ අතහැරලා දාලලු හිටියේ. ඉතින් ඒ නිසාම නුවරඑළියේ ව්‍යාපාරයක් පටන් අරගෙන ඔහු නුවරඑළියට ගියාලු. ඒත් එක්කම රංගනය පිළිබඳව මගේ හිතේ තිබුණ අදහස අතහැරලාලු තිබුණේ.

ඉතින් ඒ නිසාම ධනුෂ්ක රත්නායක ඔහුගෙන් මල්ලි රඟපාමුද? කියලා කියද්දී ඔහු මුලින්ම බැහැ කියලා කිව්වාලු. ඊට පස්සේ දෙවැනි දවසෙත් ඔහුගෙන් අහද්දීත් ඔහුගේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ කියලයි ඔහු කියන්නේ. කොහොම නමුත් දෙවැනි වතාවට ධනුෂ්ක නුවරඑළියෙ ලොකේෂන් බලන්න ආපු වෙලාවෙත් ඔහුට කතා කළාලු රඟාපන්න. ඉතින් කාලයක් තිස්සේ ආසාවෙන් හිටපු ඔහුට ඒ දවස්වල තිබුණ තත්ත්වයත් එක්ක හුදෙකලා වෙන්නලු ඕන වුණේ. හැබැයි ධනුෂ්ක ඒ සිතුවිල්ල වෙනස් කරලා ඔහුව ‘වස්තු’ කළා කියලයි ඔහු කියන්නේ.

ඉතින් ඒ වගේම පුංචි කාලේ ඉඳන් ඔහුගේ හීනය වුණේ නළුවෙක් වෙන්නලු. ඒ වගේම ඔහු රූපවාහිනියට හරි ආසා කළා කියලත් ඔහු කියනවා. ඉතින් පහ වසරේ ඉඳිද්දීත් ලොකු වුණාම ඔහු නළුවෙක් වෙනවා කියලාලු කියලා තිබුණේ. ඉතින් ඒ වගේම ඔහු වස්තු වගේ දඟ, දඩබ්බර චරිතයක් නෙමෙයි කියලත් ඔහු කියනවා. ඔහු බොහොම නිහඬව ඔහුගේ පාඩුවේ හිටපු චරියක්ලු. ඒ වගේම ඔහු ගැන දන්න අය අද වස්තුගේ චරිතය දකිද්දී පුදුමත් හිතෙනවාලු. ඉතින් ඔහුගේ සැබෑ චරිතයත්, වස්තුගේ චරිතයත් හාත්පසින්ම වෙනස් චරිත දෙකක් කියලයි ඔහු කියන්නේ.

ඉතින් ඒ වගේම වස්තු කොච්චර දුෂ්ඨ, මැරයෙක් වුණත් වස්තුට ලැබෙන ප්‍රතිචාර ඉහළයි කියලත් ඔහු කියනවා. ඒ වගේම ගොඩක් අය ඒ චරිතයට ආදරෙයිලු. ඉතින් ඔහුත් වස්තුගේ රසිකයෙක් කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් කියලත් ඔහු කියනවා. ඉතින් මේ වෙද්දී ඔහු ‘NP Photography’ හරහා වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවාලු.

ඉතින් ඒ වගේම ඔහු සැබෑ ජීවිතයේදී ආදරේ කළා කියලත් ඔහු කියනවා. ඒ වගේම ආදරේ හොඳට විඳලත් තියෙනවාලු. හැබැයි දැන් එහෙම විශේෂ කෙනෙක් නැහැ කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒ වගේම ඔහු මේ අවුරුද්දයි, ලබන අවුරුද්දයි අවුරුදු දෙක වැඩිදුරට ඔහුගේ රංගනය පිළිබඳ ඉගෙනීමේ කටයුතුවලට යොදවලා තියෙනවාලු. ඒ අතරේ ඡායාරූප ක්ෂේත්‍රයෙන් ඔහු ඔහුගේ ගමන යනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු මියුසික් වීඩියෝ කිහිපයක්ම අධ්‍යක්ෂණය කළා කියලයි අවසාන වශයෙන් පවසලා තිබුනේ.

The post නුවරඑළියේ හෝටලයක වැඩ කරපු මම දැන් ජනප්‍රිය නළුවෙක් වෙලා-කියාදෙන්න ආදරේ තරම් හී වස්තු appeared first on FoxMedia.

Back to top button