ගොසිප් පුවත්

බැංකුවට ආපු සුරූපී තරුණියක් පැහැරගත් නරුමයා කළ දේ එළියට – CCTV Video

ගාල්ල – කරාපිටියේ බැංකුවක් අසළ දී තරුණියක් සමඟ මෝටර් රථයක් පැහැරගෙන ගිය පුද්ගලයෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ අදාළ තරුණියගේ නැගණිය සමඟ කරාපිටියේ පිහිටි බැංකුව වෙත පැමිණි අවස්ථාවේ මෙම පැහැර ගැනීම සිදුව ඇති බවයි. තරුණිය සහ ඇගේ මෝටර් රථය පැහැරගෙන ගිය සැකකරු රත්ගම – ඕවකන්ද ප්‍රදේශයේදී මෝටර් රථය නතර කර ඇය රථයෙන් බස්සවා ඇයගේ රන් ආභරණ සහ රුපියල් එක්ලක්ෂ 2000ක මුදලක් ද කොල්ල කා පළා ගොස් තිබෙනවා.

26 හැවිරිදි තරුණිය අනතුරුව නිවසට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී බූස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගිය මෝටර් රථය සොයාගෙන තිබෙනවා. සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Back to top button