ගොසිප් පුවත්

පුතා සෙල්ලම් කරද්දී ගේ හැඩි වුනාම පුතයි මායි දෙන්නම දුලීගෙන් හොඳටම බැනුම් අහනවා-කැලුම් ශ්‍රී

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක්, වගේම නර්ථන ශිල්පියෙක් තමයි කැලුම් ශ්‍රී කියලා කියන්නේ. ඉතින් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරය දිනූ ඔහු ඊට පස්සේ ටෙලිනාට්‍ය ගණනාවක වගේම මියුසික් වීඩියෝ රැසකටම රංගනයෙන් දායකත්වය ලබාදුන්නා. ඉතින් ඒ වගේම පහුගිය කාලයේ සිරස නාලිකාවේ විකාශනය වුනු රැස් ටෙලිනාට්‍ය හරහා දකින්න ලැබුණු මේ කඩවසම් රංගන ශිල්පියාව මේ දිනවල අපට දිවිතුරා ටෙලිනාට්‍ය හරහා වගේම ඇස් ටෙලිනාට්‍ය හරහාත් දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේම රංගන ජීවිතය වගේම සාර්ථක පවුල් ජීවිතයකුත් ගත කරන ඔහු විවාහ වෙලා ඉන්නේ සුන්දර නර්තන ශිල්පිනියක් වන දුලී ප්‍රනාන්දු සමඟයි.

ඉතින් දැන් විවාහ වෙලා කාටත් ආදර්ශයක් ලබාදෙමින් ආදරණීය සුන්දර පවුල් ජීවිතයක් ගත කරන මේ දෙන්නා මේ වන විට උතුම් මව් පිය පදවිය ලැබුවේ දුලී පුංචි පුතු පැටියෙක් මෙලොවට බිහි කිරීමත් සමඟයි. ඉතින් මේ ආදරණීය පුංචි පුතත් එක්ක සුන්දර ජීවිතයක් ගත කරන කැලුම් ශ්‍රී පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා පුංචි පුතා ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහුගේ චූටි පුතාගේ නම තමයි ශ්‍රී ආර්ය දසිස්. ඒ වගේම දැන් එයාට වයස අවුරුද්දයි මාස අටයි කියලත් කැලුම් කියනවා. ඉතින් චූටි පුතා හරිම දඟ පැටියෙක්ලු. හැබැයි ඔහු පොඩි කාලේදීවත් එච්චර දඟට ඉඳලා නැහැ කියලයි කැලුම් කියන්නේ. ඒ වගේම චූටි පුතා හරිම ක්‍රියාශීලියිලු. ඉතින් වැඩි වෙලාවක් එක තැන ඉන්නේ නැහැ කියලත් ඔහු කියනවා. ඒ වගේම පුතා හරිම හුරතල් දරුවෙක් කියලයි ඔහු කියන්නේ.

ඉතින් ඒ වගේම චූටි පුතා වැඩිපුරම ගෙදර ඉන්නේ දුලී එක්කලු. ඒ වගේම පුතා ක්‍රිකට් සෙල්ලම් කරන්න හරි ආසයි කියලත් ඔහු කියනවා. හැබැයි එයාට ක්‍රිකට් සෙල්ලම් කරන්න තේරෙන්නේ නැහැලු. ඉතින් බැට් එක උස්සගෙන එහාට මෙහාට දුවනවාලු. ඉතින් එහෙම දුවද්දී ළඟ පාතක තියෙන බඩු ඔක්කොටම බැට් එකෙන් ගහනවා කියලත් ඔහු කියනවා. ඉතින් දුලී පිළිවෙළට තියලා තියෙන බඩු හැඩි කරද්දී පුතාටයි ඔහුටයි දෙන්නටම දුලීගෙන් බැණුම් අහන්න වෙන වෙලාවලුත් තියෙනවාලු. ඒ නිසා ගෙදර ඔහු ඉන්න වෙලාවට සෙල්ලම් කරන ගමන් පුතා හැඩිකරන බඩු ආයෙත් හරියට පිළිවෙළට තියන එක තමයිලු ඔහු වැඩිපුරම කරන්නේ.

ඉතින් ඒ වගේම ඔහුව රූපවාහිනියෙන් දකිද්දී පුතා දුවල ගිහින් රූපවාහිනිය ඉඹිනවාලු. ඉතින් ඒ වෙලාවට අන්න අප්පච්චි කියලා ඔහුට කතා කරනවාලු. ඒ වගේම සමහර වෙලාවට ඔහුගේ වගේ කොණ්ඩයක් වෙන කෙනෙකුගේ දකිද්දී පවා අප්පච්චි කියලා කියනවාලු. හැබැයි ටික වෙලාවකින් ඒ කැලුම් නෙමෙයි කියලා දැනගත්තට පස්සේ එතනින් එහාට යනවාලු. ඉතින් ඒ වගේම පුතාත් දැන් නටන්න හරි ආසයි කියලයි ඔහු කියන්නේ. ඒ වගේම එයා පොඩිම කාලේ ඉඳන්ම සංගීතයත් ඇහුණ ගමන් නටනවාලු. විවාහ උත්සවවලට පවා ගියාම ඒ සංගීතයට පුතා නටනවා කියලයි කැලුම් කියන්නේ. ඒ වගේම පොඩි කාලේ ඉඳන්ම ඔවුන් පුතාට කෑම කැව්වේ සිංදු අහන්න දීලලු. ඉතින් පුතා සිංදු අහ අහා අදටත් කෑම කනවාලු. ඒ වගේම පුතා කේක්, චීස් කන්න හරි ආසයි කියලත් ඔහු කියනවා.

ඉතින් ඒ වගේම අද ඔහු ගොඩක් සතුටින්ලු ජීවත් වෙන්නේ. ඒ වගේම රූගත කිරීම්වලට දවස දෙක තුන එළියට ගිහින් ගෙදර එද්දී තියෙන ලොකුම සහනය දුලී සහ චූටි පුතා කියලත් ඔහු කියනවා. ඉතින් ඔහුගේ ජීවිතේ අංක එක තමයිලු මේ බැඳීම්. ඒ වගේම ඔවුන් හරිම සතුටින් ජීවිත් වෙනවාලු. ඒත් එක්කම මේ ගෙවන ජීවිතයට ඔහු හරි ආදරෙයි කියලයි අවසාන වශයෙන් පවසලා තිබුනේ.

The post පුතා සෙල්ලම් කරද්දී ගේ හැඩි වුනාම පුතයි මායි දෙන්නම දුලීගෙන් හොඳටම බැනුම් අහනවා-කැලුම් ශ්‍රී appeared first on FoxMedia.

Back to top button