LPL – යාපනය සහ ගාල්ල අවසන් තරගයට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයෙන් ලකුණු 37කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 166ක් හඹා ගිය දඹුල්ල වයිකිං කණ්ඩායම ඕවර 19.1කදී ලබා ගත්තේ ලකුණු 128ක් පමණි.

වනිඳු හසරංග ලකුණු 15කට කඩුලු 3ක් දවාගත්තේය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස්කළේය.

ජොන්සන් චාල්ස් ලකුණු 76ක් රැස් කළේය.

ඔහු පන්දු 56කදී ලබා ගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 10ක් සහ 6 පහර එකක් ඇතුළත් විය.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 29කදී ලකුණු 39ක් රැස් කළේය.

පන්දු යැවීමේදී මලින්ද පුෂ්පකුමාර කඩුලු 2ක් ලබා ගත්තේය.

Exit mobile version