විදෙස් පුවත්
වෙඩි ප්‍රහාරයකින් ඉතාලි තානාපති මරුට

ලෝක ආහාර වැඩසටහනේ රථ පෙළකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකදී තුවාල ලැබූ ඉතාලි තානාපතිවරයෙක් මියගොස් තිබේ.
එසේ මියගොස් ඇත්තේ කොංගෝ රාජ්‍යයේ ඉතාලි තානාපති ලෙස කටයුතු කළ ලුකා ඇතනාසියෝ ය.

ලෝක ආහාර වැඩසටහනේ කටයුතු නිරීක්ෂණය සඳහා යමින් සිටින අතරතුර ඔහු රැගත් රථ පෙළ ට ගෝමා නම් නගරය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් තුවාල ලැබූ තානාපතිවරයා මියගිය බව විදෙස් පුවත් වාර්තා කළේය.