ගොසිප් පුවත්

ඒලේවල් කරද්දි තමයි මට එයා ගැන හැඟිමක් ඇතිවුනේ – සාරංග මුල්ම ආදරේ ගැන කිව්ව ඇඟ හිරිවැටෙන කතාව

තාරුණ්‍යයේ හැඩකාර වැඩකාර රංගන ශිල්පියෙක්. වෘත්තියෙන් නිවේදකයෙක්, රංගන ශිල්පියෙක් මෙන්ම විටෙක ගායකයෙක්. අද අපේ සොදුරු කතා බහ සොදුරු හදවතක් සමඟ. නමින් ඔහු සාරංග දිසාසේකර. සාරංග මුලින්ම කලාව සම්බන්ධ වෙන්නේ? “මම කැමරාවක් ඉස්සරහට මුලින්ම එන්නේ වයස අවුරුදු දහයේදි. පස්සේ පුර්ණ විදිහට කලාවට එකතු වෙන්න බැරි වුනා. අම්මා එක්ක ගුවක් විදුලි වැඩසටහන් වගේ ඒවාට සම්බන්ධ වෙනවා. හැබැයි උසස් පෙළ ඉවර වෙනකන් මම රංගනයට එකතු වෙන්නේ නෑ. පස්සේ ⁣ටික ටික රංගනයට එකතු ⁣වුනා.”

සාරංගගේ මුල්ම ආදරේ ගැන කතා කලොත්, “ඒක ඒකපාර්ශ්වික ආදරයක්. උසස් පෙළ කරන කාලයේ තමයි ඒ හැගිම මට ඇති වෙන්නේ. එයා කාන්තා විද්‍යාලයක ශිෂ්‍යාවක්. හැබැයි මට කවදාවත් මගේ ආදරේ කියන්න ලැබුනේ නෑ. ඒ ආදරේ එහෙම්ම යට ගියා. ඉතින් මගේ පළමු ආදරය ප්‍රකාශිත නොවන ආදරයක්.”

ඔබට දැනුන සුන්දරම කාත්නාව, “මට මතක ඇති කාලේ ඉදන් මම ආස කරපු සුන්දර රූ සපුවක් තිබුන කෙනා තමා රෝසි සේනානයක මහත්මිය. ඇය අපේ රටේ නම ජාත්‍යන්තරයට අරන් ගියා. ඒ නිසාම පොඩි කාලේ ඉදන්ම ම⁣ගේ හිතේ ඇය රැදිලා හිටියා.”

සාරංග කියන්නේ බොහොම සුන්දර රූ සපුවකට හිමිකම් කියන කෙනෙක්. ඒ සුන්දර බව රැකගන්න ඔබ මොකද කරන්නේ, “මම කවදාවත් මගේ බාහිර පෙනුම සුන්දරව තියාගන්න විශේෂ දෙයක් කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මම නිරෝගිව ජිවත් වෙන්න ⁣විශේෂිත දේවල් කරනවා. පෝෂණය බහුල ආහාර ගන්නවා, ව්‍යායාම කරනවා. මේ හැමදේටම අමතරව මම කරන්නේ මගේ මානසික සතුට තියාගන්න එක. ඒ වගේම සංගීතය එක්ක ජිවත් වෙන එක. මොකද මනස කියනදේ නිදහස්ව තිබුනොත් අපි ඇත්තටම නිරෝගියි කියලා මම විස්වාස කරනවා.”

ඔබට කාලයත් එක්ක ජනප්‍රිය නළුවා කියන සම්සානය ලැබෙනවා. ඒ ගැන කතා කලොත්, “මම හැමදාම මට ලැබෙන චරිත වලට සාධාරණය ඉෂ්ඨ කරන කෙනෙක්. මේ වෙද්දි මට ජනප්‍රිය නළුවා කියන සම්මාන 12ක් විතර ලැබිලා තියනවා. ඒ මගේ රංගනයට ලැබුන වටිනාකමක් විදිහටයි මම හිතන්නේ. හැබැයි මගේ ජනප්‍රියතාවය සම්මානයක් මතින් මම බලාපොරොත්තු වෙන්නේ නෑ කවදාවත්,”

Back to top button