Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
ව්‍යාපාරික පුවත්

ක්‍රීඩා ඇමති නාමල්ගෙන් අලුත් අදහසක්. දිවයින පුරා Container Based Cross – Fit Gym 500ක්.

ක්‍රියාශීලී ජීවන රටාවකට තරුණ පරපුර හුරු කිරීම සඳහා සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමණය සඳහා යම් උත්ප්‍රේරකයක් ලබා දීමේ අරමුණින් ‘ජය ගමු’ යන තේමාව යටතේ බහාලුම් භාවිත කර දිවයින පුරා එළිමහන් ව්‍යායාම් හා කායවර්ධන මධ්‍යස්ථාන (Container Based Cross – Fit Gym) 500ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 625ක් වන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් වාර්ෂිකව 100,000කට ආසන්න පොදු මහජනතාවකට සහ ක්‍රීඩික ක්‍රීඩිකාවන් 5000කට පමණ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වනු ඇත.

මෙම කායවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ වගකීම ප්‍රාදේශීය මට්ටමින් යෞවන සමාජ හා ක්‍රීඩා සමාජ වෙත පැවරීමටත්, අවම වශයෙන් එක් පුහුණුකරුවෙකු යෙදවීමටත් අපේක්ෂා කරනු ලැබේ.

ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය 2021-2022 වර්ෂවලදී ක්‍රියාත්මක කිරීමටත්, 2021 වර්ෂය තුළදී දිවයින පුරා තෝරාගත් ස්ථාන 250ක් ආවරණය වන පරිදි බහාලුම් භාවිත කර එළිමහන් ව්‍යායාම් හා කායවර්ධන මධ්‍යස්ථාන ඉදි කිරීම පිණිසත්, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

News Writer

Share
Published by
News Writer

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

2 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

3 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

3 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

3 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

4 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

4 months ago