මගේ ප්‍රථම ප්‍රේමය අවුරුදු 9ක් තිබුණා-ඉෂංකා අබේසේකර

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ සමන්දිනීගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන සුන්දර රූ සපුවකට හිමිකම් කියන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියලා කියන්නේ. ඉතින් ඇය රංගන ශිල්පිනියක් විදියට කළා ක්ෂේත්‍රයට එන්නේ 2019 දී ‘චන්ද්‍රපාණී’ ගීතයේ රූප රචනාව හරහායි.
ඒ වගේම ඇය වෘත්තියෙන් ව්‍යාපාරිකාවක්. ඉතින් ඇය ඇයගේම කියලා import & export company එකක් කරනවා. ඒත් එක්කම ඇය fashion designer කෙනෙක් විධියටත් වැඩකටයුතු කරනවා. ඉතින් ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇය ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඇය අහම්බෙන් රංගන ශිල්පිනියක් වුන කෙනෙක් කියලයි ඉෂංකා නම් කියන්නේ. ඉතින් ඒ වගේම ඇය අවුරුදු 18දී තමයි ඉස්සෙල්ලාම ආදරය කරලා තියෙන්නේ. කොහොම නමුත් 2017දී ඇයගේ තාත්තා නැති වීමත් සමඟ ඇය ඒ සම්බන්ධය නැවැත්තුවා කියලත් ඇය කියනවා. ඉතින් ඇය අවුරුදු 18 ඉදන් අවුරුදු 27ක් වෙනකම්ම එකම කෙනෙකුට ආදරය කරපු කෙනෙක් කියලත් ඇය කියනවා.
ඒ වගේම ඇයගේ හැම හීනෙකම හිටියේ ඔහු වගේම ඇය හැමදාම හිතුවේ ඔහු ගැනම විතරයි කියලත් ඉෂංකා කියනවා. හැබැයි ඇය ඒක දකින්නේ සංසාරේ ඇය කරපු මොකක් හරි පවක් නිසා ඔහුට ඒ ආදරේ දැනෙන්න නැතුව ඇති කියලයි. ඉතින් ඒ නිසාම ගොඩක් ලොකු අවබෝධයකින් ඇය ඔහුට යන්න දුන්නා කියලයි ඉෂංකා කියන්නේ.