ගොසිප් පුවත්

ලංකාවේ ජොබ් වලින් මටනම් හොදම ජොබ් එක නළුකම- ඉෂාන් මෙන්ඩිස්

මේ දිනවල බෙහෙවින් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘බන්ධනා’ ටෙලිනාට්‍යයේ සුනන්ද කියන චරිතය ගොඩක් ජනප්‍රිය චරිතයක් වගේම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්ත කෙනෙක්. ඉතින් ඔහු කැළණිය සරසවියෙන් අධ්‍යාපනය ලබා උපාධිය ලබා ගෙන පරිපාලන සේවා විභාගය පවා සමත් කෙනෙක්. ඉතින් බන්ධනා සුනන්ද විදියට අපි අතරට එන ඔහු ඉෂාන් මෙන්ඩිස් වේ.

ඉතින් බන්ධනා නාට්‍යයේ වගේම වන්ස් අපෝන් අ ටයිම් කලම්බු නාට්‍යයේත් ඔහු රංගනයෙන් දායක වුණා. ඉතින් ඒ වගේම මාණික්කාවත නාට්‍යයේත් ඔහු රංගනයෙන් දායක වුණා. ඒ වගේම ශක්ති නාට්‍යයේත් ඔහු රංගනයෙන් දායක වුණා. ඉතින් විවිධ චරිත ඔස්සේ අපි අතරට එන ඉෂාන් හිත ළග හිනැහුනා නාට්‍යයේ රංගනයෙන් දායක වෙන්නේ වෛද්‍යවරයෙක් විදියටයි.

ඉතින් දිසාපති කෙනෙක් වෙන්න පුලුවන් ඉෂාන් රංගන ශිල්පියෙක් විදියට කලාවට එකතුවෙන්නේ සාමාන්‍ය විදියට සරලව ජීවත් වෙන්න ඕන නිසා. ඉතින් දිසාපති කෙනෙක් වෙන්න තිබුණු ඉශාන්ගේ ගෙදරින් ඔහුට ලැබුණු බලපෑම ගැන ඉෂාන් පුවත් පතකට අදහස් දැක්වූයේ මේ විදියටයි.

” ගෙදරින් බලකරපු නිසයි මම පරිපාලන විභාගය කලේ. ඒත් එදා ගෙදරින් අකමැති වුණත් කලාකරුවෙක් විදියට ගෞරවයක් ලබද්දී ඔක්කෝමලා සතුටු වුණා. දැන් මට ගෙදරින් ෆුල් සපෝට්.

කැම්පස් යන කාලේ මම හිටියේ හොස්ටල් එකේ. එතනදී තමයි මට ඩ්‍රාමා කරන්න ආසා හිතුනේ. මම බොහොම සරල කෙනෙක්. ලොකු දේවල් පස්සේ හඹා යන කෙනෙක් නෙමෙයි. මටනම් ලංකාවේ තියෙන ජොබ් වලින් හොදම ජොබ් එක නළුකම. ජීවිතේ මම ලැබූ ලොකුම දේ රංගන වෘත්තීයයි.’’

ඉතින් මේ විදියට තමයි ඔහු අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සිතන ආකාරයෙන්ම ඒ විදියටම සාර්ථක වෙන්න කියා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

The post ලංකාවේ ජොබ් වලින් මටනම් හොදම ජොබ් එක නළුකම- ඉෂාන් මෙන්ඩිස් appeared first on FoxMedia.

Back to top button