දේශීය පුවත්

තෙල් මිල ඉහළ යයි ද?

ඉදිරි මාස 3ක කාලය තුළ ඉන්ධන මිල ඉහළ දැමීමේ සුදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් හේෂා විතානගේ මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පැවසුවේ වත්මන් රජය යටතේ මේ දක්වා ඉන්ධන මිල ඉහළ නැංවීමක් සිදුකර නොමැති බවය.

ඉන්දියාවට පවරාදී ඇති ත්‍රීකුණාමල තෙල් ටැංකි යළි අත්පත් කරගැනීමට කටයුතු කරන්නේද යන්න පිළිබදව ද හේෂා විතානගේ මන්ත්‍රීවරයා විමසා සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ වත්මන් රජය ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡාකර එම තෙල් ටැංකිවලින් බහුතරයක් ඛනිජ තෙල් සංස්ථාවට ලබාගැනීමට කටයුතු කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button